Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මලියදේව ආදර්ශ - ඉබ්බාගමුව වාර්ෂික ක්‍රිකට් තරගය වෙලගෙදර පිටියේදී
14 වැනි දළ ඇතුන්ගේ සටන

මලියදේව ආදර්ශ - ඉබ්බාගමුව වාර්ෂික ක්‍රිකට් තරගය වෙලගෙදර පිටියේදී

editorial - 2026 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කුරුණෑගල ජනුර් කිචිලාන්)

කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය  සහ  ඉබ්බාගමුව මධ්‍ය  විද්‍යාලය  අතර පැවැත්වෙන 14 වන  වාර්ෂික  මහ ක්‍රිකට් තරගය අප්‍රේල්  මස 01, 02  සහ 03 දිනයන් හි කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

මේ දක්වා පැවති තරග 14 න්  ඉබ්බාගමුව මධ්‍ය  විද්‍යාලය  තරග 8 ක් ජයග‍්‍රහණය කර ඇති අතර කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය තරග 3 ක් ජයගෙන තිබේ. තරග 3 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

ඉබ්බාගමුව මධ්‍ය  විද්‍යාලයිය කණ්ඩායම යසිරු ආටිගල  විසින් මෙහෙයවනු ලබන අතර  මලියදේව ආදර්ශ විද්‍යාලයිය කණ්ඩායම සයුරු ජයතිලකගේ නායකත්වයෙන් තරග වදී.

 

මලියදේව ආදර්ශ විද්‍යාලයිය කණ්ඩායම

ඡායාරුපයේ ඉදිරිපෙළ වමේසිට

විමුක්ති උදයංග (සහය පුහුණුකරු) සුජිත් දිසානායක ( ප‍්‍රධාන පුහුණුකරු)  වසන්ත මුතුගම ( ක‍්‍රීඩා පරිපාලක)  සයුරු ජයතිලක (නායක) මේජර් වයි. කේ. කරුණාරත්න ( විදුහල්පති) නිහාල් ශාන්ත, විහඟ කුලරත්න ( උපනායක) ලක්මල් ද සිල්වා  (ක‍්‍රීඩා පරිපාලක)  මේනක  බණ්ඩාර, සංජීවන් පියදර්ශන

පසුපෙළ වමේසිට

යසිරු කාවින්ද , ඉනුවර තෙහාන්, දිමුතු බණ්ඩාර, දිදුල පතිරණ, ජෙනුද සිත්මිර, හසිම් හිමාද්, සසන් පබසර, නදුන් බණ්ඩාර, ඉමෙත් පතිරණ, කාංචන රත්නායක, තෙනුග ඩයස් , රන්තුල් දිනන්ත, අකේන් හෙට්ටිආරච්චි, රොෂක මධුෂාන්, දිලිජ් ඔෂාන් සහ බිනුක රත්නායක

 

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය  කණ්ඩායම

ඉදිිරිපෙල  වමේසිට

දිලංක ලක්රුවන් (පුහුණුකරු) අමිල මෙන්ඩිස් (පුහුණුකරු) ලක්ෂ්මන් කරුණාතිලක (ප‍්‍රධාන පුහුණුකරු) යසිරු ආටිගල ( නායක) දේවිකා හේරත් (විදුහල්පතිනි) නෙරංජලා කොළඹගේ (නියෝජ්‍ය විදුහල්පතිනි) පසන් සඳනායක (උපනායක) නිව්ටන් සමරසේකර (සහකාර විදුහල්පති) දුමින්ද ගලකුඹුර (ක‍්‍රීඩා පරිපාලක) ප‍්‍රසාද් දිසානායක  (ක‍්‍රිකට් භාර ආචාර්ය)

පසුපෙළ වමේ සිට

චතුමින නුවන් , උවිඳු අනුහස්,  තිනුර නිම්සිලූ,  වෙනුෂ අභිමාන්, දින්හාල් විජේතුංග, ආකාශ් රුද්‍රිගෝ, ඕෂධ සෙනෙවිරත්න, එරෝෂ් රණසිංහ , කවීශ මධුශාන්, දිලංග මානෙත්, නෙතුම් නිලසර, සචින් අයෝද්‍ය, සචිත‍්‍ර කෝණාර, සඳරු දිසානායක , ලක්ෂිත විශ්ව සහ ඉවංක ජයරත්න


අදහස් (0)

මලියදේව ආදර්ශ - ඉබ්බාගමුව වාර්ෂික ක්‍රිකට් තරගය වෙලගෙදර පිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.