Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චෙස්ටර් ලී ස්ටී්‍රට් හිදී පැවැති පළමු විස්සයි-20 තරගයේදී ලකණු 21 ක ජයක් කරා එංගලන්ත කණ්ඩායම කැඳවාගෙන යමින් ජොස් බට්ලර් එංගලන්ත විස්සයි20 කණ්ඩායම සමග සිය ගමන නැවතත් ආරම්භ කළේය. එය බට්ලර් එංගලන්තයේදී පැවැති විස්සයි-20 තරගයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය. පන්දු 59 කින් ලකුණු 96 ක් ලබාගත් බට්ලර්, අලුත් පෙනුමක් ගෙනෙන එංගලන්ත පිතිකරු ලයිස්තුවට ස්ථාවරත්වය එක් කළේය.
වසර දෙකකට වැඩි කලයක් එංගලන්ත කණ්ඩායමෙන් ඉවත්ව සිටි ලයාම් ඩෝසන් එංගලන්තය වෙනුවෙන් සිය රාජකාරිය නැවත ආරම්භ කළේ ලකුණු 20 කට කඩුලු 4 ක් දවා ගනිමිනි. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී එංගලන්තය 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය.
බට්ලර් එංගලන්තයේ ලකුණු සංඛ්‍යාවෙන් අඩක් පමණ ලබා ගත් අතර එයින් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ හැරී බෲක්ට සිය පළමු තරගයේදීම පහසු ජයක් කරා යාමේ අවස්ථාව උදා විය. ඉලක්කම් දෙකකින් ලිවිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගත් අනෙක් පිතිකරුවන් වූයේ ජැමී ස්මිත් සහ ජේකබ් බෙතෙල් දෙදෙනා පමණි.
බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ගේ දුර්වල ආරම්භය හේතුවෙන් ඕවර 6 ක් නිමාවේදී එංගලන්තය කඩුල්ලක් දැවී ලකුණු 78 ක් ලබා සිටියේය. එතැන් සිට එංගලන්ත පිතිකරුවෝ පසුපස නොබැලූහ.
චෙස්ටර්-ලී-ස්ටී්‍රට් තණතීරුවේ ලකුණු ලබා ගැනීම දුෂ්කර විය. එය අසාමාන්‍ය ලෙස මන්දගාමී පන්දු යැවීමට සහයෝගය දැක්වීය. එංගලන්ත කණ්ඩායමට එක්ව සිටියේත් වේග පන්දු යවන්නන් දෙදෙනකු පමණි. පන්දු 25 කින් අර්ධ ශතකයක් ලබා ගත් බට්ලර්, ඔහුගේ ඊළඟ පන්දු 34 න් ලකුණු 46 ක් උදුරා ගත්තේය. බට්ලර්ගේ පිතිහරඹය නිසා එංගලන්තය අපේක්‍ෂා කළාට වැඩි ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එක්වී තිබිණ.
බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු ලබාගැනීමට මහත් වෙහෙසකර උත්සායක් ගත්හ. ඊට ප්‍රධානතම හේතුව වූයේ පන්දු යැවීම ආරම්භ කළ ලයාම් ඩෝසන් ඔහුගේ දෙවන ඕවරයේ දීම කඩුල්ලක් දවාගැනීමයි. අනතුරුව පැමිණි මැතිව් පොට්ස් ඔහුගේ මංගල විස්සයි-20 තරගයේ දෙවැනි පන්දුවේදීම කොදෙව් නායකයා පිටියෙන් ඉවත් කළේය. එවින් ලුවිස් තරමක කරදරකාරයකු ලෙස දිස්වූවත් අවසානයේදී ඔහු ලකුණු 39කට දැවී ගියේය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවේදී කඩුලු 2 කට 44 ක් ලබාගෙන සිටි අතර ඉනිමේ අඩක් නිමාවන විට කඩුලු 3 කට ලකුණු 91 ක් ලබා සිටියේය. එතැන් සිට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 98 ක් අවශ්‍ය විය. මෙම අවස්ථාවේදී ආදිල් රෂීඩ්ගේ ඕවරයක් හේතුවෙන් අවශ්‍ය ලකුණු වේගය 10 ඉක්මවා ගියේය.
පසුව ඩෝසන් පැමිණ කොදෙව්වන්ගේ ධෛර්යය බිමටම ඇද දැමූ අතර පන්දු 22 ක් ඇතුළත ලකුණු 15 කට කඩුලු 3 ක් බිඳ වැටිණ. එතැන් සිට එංගලන්තයට තිබුණේ පහසු ගමනකි.
එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 6 ට 188 යි
(ජැමී ස්මිත් 38, ජොස් බට්ලර් 96, ජේකබ් බෙතිල් නොදැවී 23, රොමාරියෝ ෂෙපර්ඩ් 33/2)
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 9 ට 167 යි
(එවින් ලුවිස් 39, ජොන්සන් චාල්ස් 18, රොස්ටන් චේස් 24, රෝමන් පවෙල් 13, ඇන්ඩි්‍ර රසල් 15, රොමාරියෝ ෂෙපර්ඩ් 16, ජේසන් හෝල්ඩර් නොදැවී 16, ලයාම් ඩෝසන් 20/4, මැතිව් පොට්ස් 48/2, ජේකබ් බෙතීල් 27/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.