Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති සිව්දින පෙරහුරු තරගයේ දෙවැනි දිනය වූ අද (13 වැනිදා) තේ පානයෙන් පසුව තරගය අතහැර දැමීමට සිදුවිය. කොරෝනා වයිරසය (කොවිඩ්-19) පැතිර යාමේ අවදානමක් ඇතිවීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායම තරගාවලිය අතහැර ශ්‍රී ලංකාවෙන් පිටව යාමට තීරණය කර තිබීම නිසා මෙසේ තරගය අතහැර දැමුවේය.
තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 150 ක් රැස්කර සිටියේය. නායක ළහිරු තිරිමාන්න පන්දු 115 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 88 ක් සහ රොෂේන් සිල්වා පන්දු 58 කදී හතරේ පහරක් සමගින් ලකුණු 11 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ඉනිම ආරම්භ කරමින් ක්‍රිස් වෝක්ස් යැවූ පළමු පන්දුවෙන්ම ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ඉන් නොනැවතුණු ක්‍රිස් වෝක්ස් පස්වැනි ඕවරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස සධීර සමරවික්‍රම දවාගැනීමට සමත්විය.
ලකුණු 12 කට කඩුලු 2 ක් බිඳ වැටී තිබියදී තෙවැනි කඩුල්ල සඳහා එක්වූ ළහිරු තිරිමාන්න සහ ඇන්ජලෝ පෙරේරා ලකුණු 83 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ඉනිම ගොඩනැගීමට සමත්වූහ. ලකුණු 38 ක් රැස්කර සිටියදී මැතිව් පාකින්සන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඇන්ජලෝ පෙරේරාට ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට සිදුවිය. පන්දු 53 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඇන්ජලෝ පෙරේරාගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.
ඊයේ කාසියේ වාසිය උරගා බැලීමේදී ක්‍රීඩාකරන ක්‍රීඩකයින් 11 දෙනාට ඇතුළත්ව සිටි බෙන් ස්ටෝක්ස් අද දිනයේදී ආබාධයකට ලක්වීම නිසා ඔහු වෙනුවට මැතිව් පාකින්සන් කණ්ඩායමට ඇතුළත් කරනු ලැබීය.
පළමු දිනය වූ ඊයේ (12 වැනිදා) තරගය අවසන් කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 354 ක් රැස්කරගෙන සිටි එංගලන්ත පිලට අද දිවා ආහාරයට තරගය නතර කරනවිට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 463 ක් පමණි. එම කාළය තුල ලකුණු 109 ක් ලබාදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එංගලන්ත පිලේ පිතිකරුවන් 7 දෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට සමත්වූහ.
කෙසේ වෙතත් පළමු දිනයේදී නොදැවී ලකුණු 90 ක් ලබාසිටි ජෝ රූට් අද දිනයේදී සිය ශතකය සම්පූර්ණ කිරීමට සමත්වූ අතර ලකුණු 102 ක් ලබාසිටියදී ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. පන්දු 139 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි රූට්ගේ ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් විය.
ලකුණු 84 ක් රැස්කරමින් පළමු දිනයේ නොදැවී සිටි අනෙක් පිතිකරුවා වූ ඔලී පෝප්ට අද දිනයේදී සිය ඉනිමට එක්කර ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 11 ක් පමණි. ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඔලී පෝප් දැවීයන විට පන්දු 134 කට මුහුණදී සිටි අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය.
සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 190 ක සම්බන්ධතාවයක් පවත්වමින් එංගලන්ත ඉනිම ගොඩනැගීමට ජෝ රූට් සහ ඔලී පෝප් සමත්වූහ.
ඊයේ දිනයේදී තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය වුවද උදෑසන පන්දු යවන්නන්ට තණතිරුවෙන් ලැබෙන වාසියෙන් උපරිම ප්‍රයෝජන ගත් ප්‍රභාත් ජයසූරිය කඩුලු 6 ක් දවාගැනිමට සමත්විය. මොහොමඞ් ශිරාස් කඩුලු 2 ක් ද අසිත ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින්ද බිඳ හෙළීමට සමත්වූහ.
ඡායාරූප - ඉෂාන් සංජීව
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.