Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය විස්සයි-20 හිණිපෙත්තේ

පාකිස්තානය විස්සයි-20 හිණිපෙත්තේ

රොෂාන් ගුණරත්න - 2017 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි20 කණ්ඩායම් අතර පෙරමුණට පැමිණීමට පාකිස්තාන කණ්ඩායම සමත් වී තිබේ. ප්‍රසාද ලකුණු 124 ක් ලබාගනිමින් පාකිස්තාන කණ්ඩායම විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණට පැමිණ තිබේ.


සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේදී පැවැති තරගාවලියේදී ඒ වන විට ශ්‍රේණිගත කිරීම් අතර දෙවැනි ස්ථානයේ රැදී සිටි එංගලන්තය පරාජය කිරීමට සිවුවැනි ස්ථානයේ රැදී සිටි කොදෙව්වෝ සමත් වූහ. එම තරගාවලියේදී ලැබූ ජයත් සමගින් කොදෙව් කණ්ඩායම සිවුවැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ඉහලට පැමිණි අතර එංගලන්තය දෙවැනි ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා ඇද වැටිණ. ඒ සමගම එතෙක් ශ්‍රේණිගත කිරීම් අතරේ තෙවැනි ස්ථානයේ පසු වූ පාකිස්තානයට දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට හැකි විය.


ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමත් සමග පාකිස්තානය සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වැඩි කරගනිමින් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණේ සිටි නවසීලන්තය අසලට ලඟා විය.


ශ්‍රේණිගත කිරීම් අතරේ පස්වැනි ස්ථානයේ රැදී සිටින ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම නිසා නවසීලන්තයට පසුබැසීමට සිදුවිය. නවසීලන්තයේ පසුබෑමත් සමග එතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ පාකිස්තානය ඉහළ ගියේය.


විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්

රට  ප්‍රසාද ලකුණු ලකුණු
පාකිස්තානය 124 2843
නවසීලන්තය 121 1691
බ. ඉ. කොදෙව් 120 2395
එංගලන්තය  119 2029
ඉන්දියාව 118 2720
දකුණු අප්‍රිකාව 112 2238
ඕස්ට්‍රේලියාව 111 1665
ශ්‍රී ලංකාව  91 2177
ඇෆ්ගනිස්තානය 86 2157
බංග්ලාදේශය 76 1289
‍ස්කොට්ලන්තය 67 737
සිම්බාබ්වේ  65 842
එක්සත් අරාබි එමීර් 52 827
නෙදර්ලන්තය 49 441
හොං කොං 46 599


-036

 


අදහස් (0)

පාකිස්තානය විස්සයි-20 හිණිපෙත්තේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.