
තවත් දින 5 කින් අරම්භ වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී තමන් ක්රීඩා කරන නමුත් ඉන්දියාව සමග තරග කිරීම සඳහා පිටියට පිවිසෙන්නේ නැති බව පාකිස්තානය කියයි. එය පාකිස්තානු රජයේ නියෝගයක් මත සිදුවන බව ලාහෝර් නුවරින් ලැබෙන ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්රංශ පුවත් සේවය වාර්තා කරයි.
“විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා පාකිස්තානු රජයේ අවසරය පාකිස්තානු ක්රිකට් කණ්ඩායමට ලැබී තිබෙනවා. ඒත් තරගාවලියේ සම සත්කාරක රටක් වන ඉන්දියාවට එරෙහිව තරග කිරීමට පෙබරවාරි 15 වැනිදා ඔවුන් පිටියට පිවිසෙන්නේ නෑ” යයි පාකිස්තානු රජය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවෙයි.
පාකිස්තානු ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි මහතා සහ පාකිස්තානු අගමැති නවාස් ෂෙරීෆ් මහතා අතර සතියක් ඇතුළත පැවැති දෙවැනි සාකච්ඡා වටයෙන් පසුව පාකිස්තානු රජය මෙම නිවේදනය නිකුත් කර තිබේ.
පාකිස්තානු රජයේ අවසරය ලැබෙන තෙක් සතියක කාලයක් බලා සිටි පාකිස්තානු ක්රිකට් කණ්ඩායම සඳුදා (හෙට) ශ්රී ලංකාව බලා පිටත්ව යනු ඇත.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.