Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ලසිත් ඇඹුල්දෙණිය තුවාල ලැබීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ වමත් දඟ පන්දු යවන්නා වශයෙන් ප්‍රවීන් ජයවික්‍රම කැඳවා තිබේ. සිය දියණියගේ අසනීප තත්ත්වය නිසා කොදෙව් - ශ්‍රී ලංකා තරගාවලිය අතරමගදී හදිසියේම කණ්ඩායමෙන් නිවාඩු ඉල්ලාගත් ඇන්ජලෝ මැතිව්ස්ද නැවතත් ටෙස්ට් සංචිතයට එක්වී සිටී.
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී පන්දු රකිමින් සිටියදී තුවාල ලද ලසිත් ඇඹුල්දෙණිය සුවය ලැබීම සඳහා තවත් කොතෙක් දිනක් බලා සිටීමට සිදුවනු ඇත්ද යන්න අවිනිශ්චිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
“අන්තිම වතාවට කරපු ස්කෑන් පරීක්‍ෂණයෙන් ඒ බව කියන්න බෑ කියලා තමයි වෛද්‍ය මතය. කොහොම වුණත් අපිට ඒ තැනට වෙනත් කෙනෙක් ගේන්න වෙනවා” යයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
වමත් දඟ පන්දු යවන්නා වශයෙන් නම් කීපයක් සැලකිල්ලට ලක්කර ඇති අතර ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසුව ප්‍රවීන් ජයවික්‍රම එම ස්ථානය සඳහා තෝරාගෙන තිබේ. ප්‍රවීන් පළමු පෙළ තරග 10 කදී කඩුලු 40 ක් දවාගෙන සිටින, තවමත් 22 හැවිරිදි ක්‍රීඩකයෙකි. ඔහුගේ පළමු පෙළ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 24.57 ක් වන අතර ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් අන්තර්ජාතික (යොවුන් ටෙස්ට් සහ යොවුන් එක්දින තරග) කඩුලු 64 ක් දවාගත් ක්‍රීඩකයෙකි.
වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පෞද්ගලික හේතුවක් මත මෙම තරගාවලියෙන් නිවාඩු ඉල්ලා තිබේ. ඔහු වෙනුවට ළහිරු කුමාර නැවතත් ටෙස්ට් සංචිතයට එක්ව සිටී.
ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයෝ 18 දෙනෙක් ඇතුළත් වෙති. ඔව්හු ඊයේ (15 වැනිදා) මහනුවර බලා පිටත්ව ගියහ. ශ්‍රී ලංකා සංචිතයේ පුහුණුවීම් හෙට (සිකුරාදා) සිට ආරම්භ වෙයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරගාවලිය මේ මස 21 වැනිදා පල්ලෙකැළේදී ආරම්භ වේ. තරග දෙකම පල්ලෙකැළේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, ඕෂධ ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානුක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, රොෂේන් සිල්වා, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක සහ අසිත ප්‍රනාන්දු
Gamini amarasingh Saturday, 17 April 2021 02:03 AM
මම හිතන්නේ නැහැ මැතිව්ස් මේ වෙලාවේ වුවමනා වෙයි කියලා...
Reply 0 0
Chandana Saturday, 17 April 2021 10:56 AM
කුසල් ජනිත් ?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.