
ක්රීඩා 33 ක ඉසව් 339 කදී, රන් පදක්කම් 339 ක් වෙනුවෙන් පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී අද ආරම්භ විය. මෙම තරග ක්රීඩාංගණ 42 කදී පැවැත්වේ. කෙසේ වෙතත් තරගාවලියේ කණ්ඩායම් තරග 21 වැනිදා ආරම්භ විය.
එහි පළමු රන් පදක්කම ප්රදානය කෙරෙන්නේ 24 වැනිදාය. කාන්තා මීටර් 10 වායු රයිෆල් තරගය ජයගන්නා ක්රීඩිකාව මෙවර තරගාවලියේ පළමු රන් පදක්කම් ලාභිනිය බවට පත්වනු ඇත. රන් පදක්කම් 339 න් 34 ක් වෙනුවෙන්ම තරගාවලියේ අවසන් දිනයේදී එනම් අගෝස්තු මස 8 වැනිදා තරග පැවැත්වේ. ඉන් අවසන් රන් පදක්කමේ හිමිකරුවන් වන්නේ පිරිමි වෝටර් පෝලෝ තරගයේ ජයග්රාහකයන් බවට පත්වන කණ්ඩායමය.
'සුපිරි සෙනසුරාදා' ලෙස හඳුන්වා ඇති ජූලි 31 වැනිදා රන් පදක්කම් 21 ක් සඳහා තරග පැවැත්වෙන අතර 'ස්වර්ණමය ඉරිදාව' ලෙස හඳුන්වා ඇති අගෝස්තු මස 1 වැනිදා රන් පදක්කම් 25 ක් වෙනුවෙන් තරග පැවැත්වෙනු ඇත.
මෙවර තරගාවලියට අලුතින් එක්ව ඇති ක්රීඩා ලෙස බේස්බෝල්, කරාටේ, ස්කේට්බෝඩිං, කඳු තරණ (ස්පෝට් කල්යිම්බින්) සහ සර්ෆින් යන ක්රීඩා හැඳින්විය හැකිය. එම ක්රීඩා අතරින් බේස්බෝල් ක්රීඩාව 2008 වසරේ චීනයේ බීජිං නුවර පැවැති ඔලිම්පික් උළෙලට ඇතුළත් වූ නමුත් ඉන් අනතුරුව පැවැති ඔලිම්පික් උළෙලවලට ඇතුළත් නොවීය.
තරග කාල සටහන
- සමාරම්භක උළෙල - ජූලි 23 වැනිදා
 - දුන්නෙන් විදීම - ජූලි 23 වැනිදා සිට 31 වැනිදා දක්වා
 - ජිම්නාස්ටික් (කලාත්මක) - ජූලි 24 වැනිදා සිට අගෝස්තු 3 වැනිදා දක්වා
 - රිද්මයානුකූල පිහිනුම් - අගෝස්තු 2 වැනිදා සිට 7 වැනිදා දක්වා
 - මලල ක්රීඩා - ජූලි 30 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා
 - බැඩ්මින්ටන් - ජූලි 24 වැනිදා සිට අගෝස්තු 2 වැනිදා දක්වා
 - බේස්බෝල් - ජූලි 21 වැනිදා සිට අගෝස්තු 7 වැනිදා දක්වා
 - පැසිපන්දු - ජූලි 25 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා
 - වෙරළ වොලිබෝල් - ජූලි 24 වැනිදා සිට අගෝස්තු 7 වැනිදා දක්වා
 - බොක්සිං - ජූලි 24 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා
 - ඔරු පැදීම (ස්ලැම්) - ජූලි 25 වැනිදා සිට 30 වැනිදා දක්වා
 - ඔරු පැදීම ස්ප්රින්ට් - අගෝස්තු 2 වැනිදා සිට 7 වැනිදා දක්වා
 - පාපැදි (බී.එම්.එක්ස්.) - ජූලි 29 වැනිදා සිට අගෝස්තු 1 වැනිදා දක්වා
 - පාපැදි (මාර්ග) - ජූලි 24, 25 සහ 28 යන දිනවලදී
 - පාපැදි (ගෘහස්ත) - අගෝස්තු 2 වැනිදා සිට 8 වැනිදා දක්වා
 - කිමිදුම් - ජූලි මස 25 වැනිදා සිට අගෝස්තු 7 වැනිදා දක්වා
 - අසුන් මෙහෙයවීම - ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු 7 වැනිදා දක්වා
 - කඩු හරඹ - ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු 1 වැනිදා දක්වා
 - පාපන්දු - ජූලි මස 21 වැනිදා සිට අගෝස්තු 7 වැනිදා දක්වා
 - ගොල්ෆ් (පිරිමි) - ජූලි මස 29 වැනිදා සිට අගෝස්තු 1 වැනිදා දක්වා
 - ගොල්ෆ් (කාන්තා) - අගෝස්තු 4 වැනිදා සිට 7 වැනිදා දක්වා
 - හැන්ඩ්බෝල් - ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා
 - හොකී - ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා
 - ජූඩෝ - ජූලි මස 24 වැනිදා සිට 31 වැනිදා දක්වා
 - කරාටේ - අගෝස්තු 5 වැනිදා සිට 7 වැනිදා දක්වා
 - පිහිනුම් (මැරතන්) - අගෝස්තු 4 වැනිදා සිට 5 වැනිදා දක්වා
 - නූතන පංච ප්රයාම - අගෝස්තු 5 වැනිදා සිට 7 වැනිදා දක්වා
 - ජිම්නාස්ටික් (රිද්මයානුකූල) - අගෝස්තු 6 වැනිදා සිට 8 වැනිදා දක්වා
 - ඔරු පැදීම - ජූලි 23 වැනිදා සිට 30 වැනිදා දක්වා
 - සත් සාමාජික රග්බි - ජූලි 26 වැනිදා සිට 31 වැනිදා දක්වා
 - රුවල් ඔරු පැදීම - ජූලි මස 25 වැනිදා සිට අගෝස්තු 4 වැනිදා දක්වා
 - වෙඩි තැබීම - ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු 2 වැනිදා දක්වා
 - ස්කේට්බෝඩිං - ජූලි 24 වැනිදා සිට 25 වැනිදා දක්වා
 - කඳු තරණ - අගෝස්තු 3 වැනිදා සිට 6 වැනිදා දක්වා
 - සර්ෆින් - ජූලි මස 25 වැනිදා සිට අගෝස්තු 1 වැනිදා දක්වා
 - පිහිනුම් - ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු 1 වැනිදා දක්වා
 - මේස පන්දු - ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා
 - ටයිකොන්ඩෝ - ජූලි 24 වැනිදා සිට 27 වැනිදා දක්වා
 - ටෙනිස් - ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු 1 වැනිදා දක්වා
 - ජිම්නාස්ටික් - ජූලි 30 වැනිදා සිට 31 වැනිදා දක්වා
 - තුන් ප්රයාම (කේවල) - ජූලි 26 සහ 27 යන දිනවලදී
 - තුන් ප්රයාම (කණ්ඩායම්) - ජූලි 31 වැනිදා
 - වොලිබෝල් - ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා
 - වෝටර් පෝලෝ - - ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා
 - බර ඉසිලීම - ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු 4 වැනිදා දක්වා
 - මල්ලවපොර - අගෝස්තු 1 වැනිදා සිට 7 වැනිදා දක්වා
 - සමාප්ති උළෙල - අගෝස්තු 8 වැනිදා
 
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.