Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහේෂ් තීක්‍ෂණ (14/3) සහ ධනංජය ලක්ෂාන් (14/2) දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි දහයයි-10 තරගාවලියේ ශූරතාව දෙවැනි වරටත් දිනා ගැනීමට නොදර්න් වොරියර්ස් පිල සමත්විය. සෙනසුරාදා (6 වැනිදා) පැවැති අවසන් තරගයේදී දිල්ලි බුල්ස් පිලට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට නොදර්න් වොරියර්ස් පිලට හැකිවිය.
මේ දක්වා පැවැති තරගාවලි 4 න් තුනකට සහභාගිවී ඇති නොදර්න් වොරියර්ස් කණ්ඩායම 2017 වසරේදීද ශූරතාව දිනාගෙන ඇත.
කාසියේ වාසිය දිනූ නොදර්න් වොරියර්ස් නායක නිකලස් පූරන් පළමුව පන්දුවට පහරදීමට දිල්ලි බුල්ස් පිලට ආරාධනා කළ අතර පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ නියමිත ඕවර 10 අවසානයේදී කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 81 ක් පමණි. මොහොමඩ් නබී පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 21 ක් ලබාගනිමින් දිල්ලි බුල්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
මූලික වටයේ තරගයකට පමණක් යොදාගත් ශ්‍රී ලංකාවේ පිට දඟපන්දු යවන්නා වූ මහේෂ් තීක්‍ෂණට නැවතත් දෙවැනි කඩයිම් තරගයේදී අවස්ථාවක් හිමිවිය. එහිදි සිය ඕවර 2 ලකුණු 15 කට සිමාකළ මහේෂ් තීක්‍ෂණව අවසන් තරගයට එක්කරගත් නොදර්න් වොරියර්ස් නායක නිකලස් පූරන්ගේ දූරදර්ශී තීරණයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිණ. සිය ඕවර 2 ලකුණු 14 කට සීමාකරමින් එවින් ලුවිස්, රවී බොපාරා සහ ඩ්වේන් බ්‍රාවෝ යන තිදෙනාගේ කඩුලු ලබාගනිමින් දිල්ලි බුල්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට මහේෂ් තීක්‍ෂණ සමත්විය. මහේෂ් තීක්‍ෂණට අනගි සහයක් දුන් ධනංජය ලක්ෂාන් සිය ඕවර 2 ලකුණු 14 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර ජුනයිඩ් සිද්දික් ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගනිමින් නොදර්න් වොරියර්ස් පිලේ ජයග්‍රහණයට දායක විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 82 ක ඉලක්කයක් හඹාගිය නොදර්න් වොරියර්ස් පිල ඕවර 8.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්විය. ලෙන්ඩ්ල් සිමන්ස් ලකුණු 14 ක් සහ රෝමන් පවෙල් ලකුණු 16 ක් රැස්කරමින් නොදර්න් වොරියර්ස් පිල ජයග්‍රහණය කරා යනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය නොදන් වොරියර්ස් පිලේ මහේෂ් තීක්‍ෂණ දිනා අතර නායක නිකලස් පූරන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.
දිල්ලි බුල්ස් - ඕවර 10 කදී කඩුලු 9 ක් දැවී 81
(මොහොමඩ් නබී 21, මහේෂ් තීක්‍ෂණ 14/3, ධනංජය ලක්ෂාන් 14/2, ජුනයිඩ් සිද්දිකියු 19/2, ෆේබියන් ඇලන් 10/1, රයාඩ් එම්රිට් 19/1)
නොදර්න් වොරියර්ස් - ඕවර 8.2 කදී කඩුලු 2 ක් දැවී 85
(වසීම් මුහම්මද් 27, රෝව්මන් පවෙල් නොදැවී 16, ලෙන්ඩ්ල් සිමන්ස් නොදැවී 14, ෆිඩෙල් එඩ්වඩ් 18/1, ශිරාස් අහ්මඩ් 18/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.