Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නෙත්මි 16 න් පහළ ටෙනිස් ශූරතාව දිනාගනී

නෙත්මි 16 න් පහළ ටෙනිස් ශූරතාව දිනාගනී

ශනුක අරවින්ද - 2013 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ටෙනිස් ශූරතාවලියේ කණිෂ්ඨ අංශයේ වයස 16 පහළ බාලිකා ශූරතාව දිනාගැනීමට නෙත්මි වඩුගේ අද (13 වැනිදා) සමත් වූවාය. අවසන් මහ තරගයේදී නෙත්මි විසින් තරග වට 2 - 0 ක් ලෙසින් කාවින්ද්‍යා ද සිල්වා පරාජය කරන ලදි.

සඳුදා (12 වැනිදා) පැවති පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2 - 0 ක් ලෙස කාවින්ද්‍යා ද සිල්වා පරාජය කරමින් රුක්ෂිකා විජේසූරිය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර නෙත්මි වඩුගේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2 - 0 ක් ලෙස තිසුරි මොල්ලිගොඩ පරාජයට පත්කරමිනි.

වයස 16 පහළ (බාලිකා) අවසන් තරගයේ ප‍්‍රතිඵල

  • නෙත්මි වඩුගේ විසින් තරග වට 2 - 0 ක් ලෙස රුක්ෂිකා විජේසූරිය පරාජය කරනු ලැබුවාය. (6/3, 6/3)

වයස 16 පහළ (බාලිකා) අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • රුක්ෂිකා විජේසූරිය විසින් තරග වට 2 - 0 ක් ලෙස කාවින්ද්‍යා ද සිල්වා පරාජය කරනු ලැබුවාය. (6/2, 6/3)
  • නෙත්මි වඩුගේ විසින් තරග වට 2 - 0 ක් ලෙස තිසුරි මොල්ලිගොඩ පරාජය කරනු ලැබුවාය. (6/3, 6/2)

 

(ඡායාරූපය : රොමේෂ් ධනුෂ්ක සිල්වා)


අදහස් (0)

නෙත්මි 16 න් පහළ ටෙනිස් ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.