Last Update  :  2025-07-18 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනුෂ්කගේ සිද්ධිය විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

ධනුෂ්කගේ සිද්ධිය විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

editorial - 2022 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත මේ වන විට බන්ධනාගාරගතව සිටින ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (8 වැනිදා) පියවර ගෙන තිබේ. 

නීතීඥ නිරෝෂණ පෙරේරා සහ නීතීඥ අසේල රැකව යන මහත්වරු එම කමිටුවට ඇතුළත්ව සිටින සෙසු සාමාජිකයෝ වෙති. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ රැදී සිටි කාලය තුළ සිදුවූ බවට වාර්තා වී ඇති විවිධ සිද්ධීන් සම්බන්ධයෙන්ද මෙම ත්‍රිපුද්ගල කමිටුව විමර්ශනය කරනු ඇත. 

මෙම කමිටුව වහාම ක්‍රියාත්මක වන පරිදි කණ්ඩායමේ කළමනකරුගෙන් එවැනි සිදුවීම්වලට අදාලව කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවද, අවශ්‍යතාව අනුව කණ්ඩායමේ නායකයා සහ සෙසු ක්‍රීඩකයන් ප්‍රශ්න කිරීම් සඳහා කැඳවන බවද ක්‍රිකට් ආයතනය කියා සිටියේය. 

ත්‍රිපුද්ගල කමිටුව විසින් සිදුවීම්වලට අදාල විමර්ශන වාර්තාව ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව නිල රාජකාරී ඉටු කිරීමේදී යම් ක්‍රීඩකයකු හෝ නිලධාරියකු වරදක් හෝ නොසැලකිලිමත්කමක් සිදුකර ඇති බව ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ක්‍රිකට් ආයතනය වැඩිදුරත් සඳහන් කළේය. 

ඕස්ට්‍රේලියාවේදී විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවෙමින් සිටින අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සාද 16 කට සහභාගි වී ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වන අතර ඉන් සාද 6 ක් සඳහා පමණක් නිල වශයෙන් අවසර ලැබී තිබූ බවටද කරුණු අනාවරණය වේ.


අදහස් (0)

ධනුෂ්කගේ සිද්ධිය විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.