සේව් ද ස්පෝට්ස් සංවිධානය මෙහෙයවන උත්සව සහ වැඩසටහන් සඳහා ජාතික ක්‍රීඩා සංගම් නිලධාරින්ට හා නියෝජිතයන්ට සහභාගිවීම තහනම් කරන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ අද (18) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකින් පසුව ක්‍රීඩා ඇමැතිවරයා මුණ ගැසුනු මාධ්‍යවේදින් පිරිසකට ඇමැතිවරයා පවසා සිටියේ සේව් ද ස්පෝට්ස් සංවිධානය ගැන ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් වී නැති බැවින් හා එය පසුගිය කාලයේදි සංවිධානය කළ උත්සව කීපයක් පිළිබඳව අවධානය යොමු කරමින් එම තීරණය ගන්නා බවයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ නියමය නොතකා සේව් ද ස්පෝට්ස් සංවිධානයේ වැඩසටහන්වලට ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් තවදුරටත් සහභාගි වන්නේ නම් එම ජාතික කි්රීඩා සංගම් වලට කි්රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය දැක්වීම පිළිබඳව තවදුරටත් සලකා බැලීමට සිදුවන බවත් ඇමැතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.
සිය තීරණය සම්බන්ධයෙන් ලිපියක් වහාම ජාතික ක්‍රීඩා සංගම් වෙත යොමු කිරීමටද එම අවස්ථාවේදී ඇමැතිවරයා අදාල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සේව් ද ස්පෝට්ස් සංවිධානය මෙහෙයවූ ක්‍රීඩා ප්රවීණයන්ගේ උපහාර උත්සව කීපයකදි ප්‍රධාන දේශනය කළ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු දැඩි ලෙස විවේචනය කර තිබිණ.
ආසන්නතම සිදුවීම වූයේ පෙරේදා (17) ඔලිම්පික් කමිටු ශ්‍රවනාගාරයේදී සේව් ද ස්පෝට්ස් සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැති යෝගානන්ද විජේසුන්දර උපහාර උත්සවයේදී හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක අර්ජුන රණතුංග මහතා කළ ප්‍රකාශයයි. එහිදීද වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු සිය දේශනයේදි අර්ජුන රණතුංග මහතා දැඩිලෙස විවේචනය කර සිටියේය.
සේව් ද ස්පෝට්ස් සංවිධානය මීට පෙර ලෝක පූජිත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගර්ෆිල්ඞ් සෝබර්ස් හා ක්‍රිකට් පුහුණුකරු ලයනල් මෙන්ඩිස් යන මහත්වරුන් වෙනුවෙන්ද එවැනිම උපහාර උත්සව දෙකක් සංවිධානය කර තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.