Last Update  :  2026-03-26 21:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු ආසියානු කනිෂ්ඨ දැල්පන්දු කිරුළ දිනති

දකුණු ආසියානු කනිෂ්ඨ දැල්පන්දු කිරුළ දිනති

නාමල් පතිරගේ - 2019 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මහ තරගයේදී ඉන්දියාව ලකුණු 42-28 කට පරාජය කළ ශ්‍රී ලංකාව නේපාලයේ කත්මණ්ඩු නුවරදී ඊයේ (22) නිමාවට පත්වූ පළමු දකුණු ආසියානු වයස 16න් පහළ දැල්පන්දු තරගාවලියේ ශූරතාව අපරාජිතව දිනා ගත්තේය.  ආසියානු දැල්පන්දු සම්මේලනය පළමු වරට සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා කලාපයේ රටවල් පහක් සහභාගි විය.

දැල්පන්දු ක්‍රීඩාවේ ප්‍රකට දක්ෂතා නැති ඉන්දියාව අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට තියුණු සටනක් දුන්නේය. ආසියානු ශූරතා කිහිපයක්ම දිනා සිටිව ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ දැල්පන්දු බලවන්තිය වෙයි.

ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම තැති ගන්වමින් ඉන්දීය කණ්ඩායම පළමු වටය ලකුණු 8-8 ක් ලෙස සම ලකුණු තත්ත්වයකින් අවසන් කිරීමටද සමත් විය. ලකුණු 16-04, 11-08 හා 8-7ක් ලෙස සෙසු වට තුනේදී ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශූරතාව තහවුරු කර ගත්හ.

තරගාවලිය පුරා ශ්‍රී ලංකාවේ දස්කම් කැපී පෙණුනු අතර එහිදී මුහුණදුන් සියලු තරග ජය ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අවසන් පූර්ව තරගයේදී ලකුණු 52-15 කට නේපාලය පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. ඒ අතර ඉන්දියාව හමුවේ අනෙක් අවසන් පූර්ව තරගයෙන් මාලදිවයිනට පරාජය වීමෙන් පළමු දකුණු ආසියානු වයස 16න් පහළ දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගයට ඉන්දියාව අනෙක් පසින් වරම් ලැබීය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවන් සඳහා පිදෙන සියලු සම්මාන ද ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත් වූ බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම් චම්පා ගුණවර්ධන කත්මණ්ඩු නුවර සිට ඊයේ පැවසුවාය.

මූලික වටයේදී නේපාලය (52-16), මාලදිවයින (60-16) පාකිස්ථානය (68-6) හා ඉන්දියාව (39-24) පරාජයට පත් කිරීම තුළ මෙම තරගාවලියේදී ඉන්දියාව හා නේපාලය ශ්‍රී ලංකාවට දෙවරක් බැගින් මුණ ගැසී තිබේ.

දක්‍ෂතම ක්‍රීඩිකාවෝ
■ ඉන්දියාවට එරෙහිව තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව - උප නායිකා හිරුණි හේෂාණිද (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
■ පාකිස්ථානයට එරෙහිව තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව - රිෂිණි සෙව්වන්දි (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
■ මාලදිවයිනට එරෙහි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව - නෙත්මි විජේනායක (මියුසියස් විදුහල)
■ නේපාලයට එරෙහි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව - නතාෂා ඩයස් (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)
■ නේපාලය එරෙහිව අවසන් පූර්ව තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව - රත්දුලි ගාවින්යා රූපසිංහ ( කොළඹ මියුසිසස් විද්‍යාලය)
■ අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව - ජිනාලි බාලසූරිය (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය)
■ සමස්ත තරගාවලියේ දැල්පන්දු රැජින - උප නායිකා හිරුණි හේෂාණි (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය ලෙස කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දැල්පන්දු පුහුණුකාරිණී අමල්කා ගුණතිලක මහත්මිය කටයුතු කළාය.

තරගාවලියේ තෙවැනි ස්ථානය සත්කාරක නේපාලය හිමිකර ගත්තේ මාලදිවයින ලකුණු 35-25කට පරාජය කරමිනි.

 


අදහස් (0)

දකුණු ආසියානු කනිෂ්ඨ දැල්පන්දු කිරුළ දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.