Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී (26 වැනිදා) දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 189 කට සීමා කිරීමට කැමරන් ග්‍රීන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.
පළමු දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාව, කඩුල්ලක් දැවී ලකුණු 45 ක් ලබා සිටි අතර ඒ වන විට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් හතරේ පහර 3 ක් සමග ලකුණු 32 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.
ලකුණු 67 කට කඩුලු 5 ක් බිඳවැටී තිබූ දකුණු අප්‍රිකානු ඉනිමට ජවයක් එක් කළ කයිල් වැරේන් (52) සහ මාර්කෝ ජැන්සන් (59) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහෙත් එම සම්බන්ධතාව බිඳවැටී ලකුණු 10 ක් අතුළත සෙසු පිතිකරුවන් සියලු දෙනා දැවී ගියහ.
වැරේන්ගේ අර්ධ ශතකයට හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර ජැන්සන්ගේ අර්ධ ශතකට හතරේ පහර 10 කින් සමන්විත විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කැමරන් ග්‍රීන් ඕවර 10.4 ක් යවා ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම අඩ පණ කළේය.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 189
(ඩීන් එල්ගා 26, සැරෙල් එර්වි 18, කයිල් වැරේන් 52, මාර්කෝ ජැන්සන් 59, කැමරන් ග්‍රීන් 27/5, මිචෙල් ස්ටාක් 39/2)
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුල්ලක් දැවී 45
(ඩේවිඩ් වෝනර් නොදැවී 32)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.