Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේම හිතුවක්කාරකම් හේතුවෙන් බොහෝ අවස්ථාවන්හිදී ප්‍රයෝජන ගැනීමට තිබෙන අනගි අවස්ථාවන් අහිමි කරගන්නා තිසර පෙරේරා නැවත වරක් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයේ ස්ථානය දිනාගෙන තිබේ. ඉන්දියාවේදී පැවැති විස්සයි-20 තරගාවලියේදී ස්ථානය අහිමි කරගත් තිසර පළමු එක්දින තරග දෙකේදී පෙන්වූ දස්කම් නිසා නැවත වරක් විස්සයි-20 සංචිතයට එක්ව සිටී.
අවසන් වතාවට පසුගිය වසරේ මාර්තු මාසයේදී දකුණු අප්‍රිකවට එරෙහිව විස්සයි-20 තරගයකට සහභාගි වූ තිසර පෙරේරා ලෝකය පුරාම ඇති විස්සයි-20 තරගාවලි වල ක්‍රීඩා කරයි. එහෙත් නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමේදී තමන්ගේ ස්ථානය රැකගැනීමට තිසර පෙරේරා අසමත් වූයේ ඔහුගේම හිතුවක්කාර ක්‍රීඩා විලාසය හේතුවෙනි.
කෙසේ වෙතත් කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී පිත්තෙන් සාර්ථක දස්කම් පෙන්වූ තිසර (පන්දු 22 කදී ලකුණු 32 ක් සහ පන්දු 25 කදී ලකුණු 36 ක්) පන්දු යවන්නකු ලෙසින්ද තමන්ගේ කාර්යය මැනවින් කළේය.
තිසර නැවතත් කණ්ඩායමට එක්වීම යනු විස්සයි-20 සංචිතයේදී ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය සවිමත් වීමකි. නායක ලසිත් මාලිංගට අමතරව, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම දසුන් ශානකද සංචිතයේ සිටින බැවින් තිසරත් සමග වේග පන්දු යවන්නන් වන තුන් ඉරියව් ක්‍රීඩකයෝ තිදෙනෙක්ම කණ්ඩායමේ සිටිති. දසුන් ශානකට ඕනෑම අවස්ථාවක පිතිකරුවකු ලෙසින් වුවද විස්සයි-20 කණ්ඩායමක් නියෝජනය කළ හැකිය.
නුවන් ප්‍රදීප් මෙන්ම ෂෙහාන් ජයසූරියද විස්සයි-20 කණ්ඩායමේ ස්ථාන යළි දිනාගෙන සිටින අතර ෂෙහාන් බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවෙක්ද වන බැවින් කණ්ඩායම සමබර කර ගැනීමේ හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකා පිලට තිබේ.
ශ්‍රී ලංකා - කොදෙව් විස්සයි-20 තරග දෙක මාර්තු මස 4 වැනිදා සහ 6 වැනිදා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය
ලසිත් මාලිංග (නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශනක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.