තහංචියට ලක්වූ ක්‍රීඩකයන්ට අනපේක්ෂිත වාසනාවක්
ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දැමීමෙන් 2020 දක්වා තහනමට ලක්ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන වසරේ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ඉඩක් ඇති බව මලල ක්‍රීඩා අවංකතා ඒකකයේ ප්‍රධානී බ්‍රෙට් ක්ලෝතියර් මහතා රොයිටර් පුවත් සේවයට පැවසීය. මත්ද්‍රව්‍ය තහනම පදනම් වී ඇත්තේ කාල වකවානු මත මිස සිදුවීම් මත නොවන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
පසුගිය මාසයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ජපාන රජය විසින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 දක්වා කල් දැමීමට එකඟ වූ විය. ලොව පුරා 150,000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගනු ලැබිණ.
ලෝක මත්ද්‍රව්‍ය නාශක මර්දන ආයතනය (වාඩා) විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් පනවා ඇත්තේ ඔලිම්පික් චක්‍රයක් තුළ තරඟ කිරීම වැළැක්වීම සඳහාය. එබැවින් ක්ලෝතියර් මහතා පැවසුවේ 2020 දී තරඟ තහනම් අහෝසිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2021 දී තරඟ කිරීම වැළැක්වීමට ගියහොත් නීතිමය සංකූලතා ඇතිවිය හැකි බවයි.
“මත්ද්‍රව්‍ය හෙවත් තහනම් උත්තේජක සඳහා වාඩා ආයතනය විසින් නියම කරන්නේ සම්මත වසර හතරක තහනමක්” යැයි ක්ලෝතියර් මහතා පැවසීය. “එය නිර්මාණය කර ඇත්තේ ඔලිම්පික් චක්‍රය සමඟ සම්බන්ධ වීමටය....නමුත් මේ අවස්ථාවේ දී, ඇත්ත වශයෙන්ම, ඔලිම්පික් උළෙල වෙනස් වී ඇති නිසා සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එයින් ප්‍රතිලාභ ලැබෙනු ඇත.
”එය අවාසනාවන්ත තත්වයක් වුවත් නෛතික රාමුව යටතේ ඉතා පැහැදිලිව පෙනෙන නිසා මෙම තහනම් නියෝග කාලය මත පදනම් වෙනවා මිස විශේෂිත සිදුවීම් සමඟ බැඳී නැහැ” යයිද ක්ලෝතියර් මහතා පැවසීය.
කෙසේ වෙතත්, මෙම විෂමතාව දෙපැත්ත මුවහත් කඩුවක් බව ඔප්පු කළ හැකි නමුත් ක්ලෝතියර් මහතා කියා සිටියේ මේ වසරේ අගෝස්තු මාසයෙන් පසුව අල්ලා ගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ටෝකියෝ සහ පැරීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙකම තහනම් වනු ඇති බවයි. ඒ ඔවුන් සිව් අවුරුදු සම්බාධක පරාසයට අයත් බැවිනි.
නමුත් රටවල් කිහිපයක සමාජ දුරස්ථ කිරීමේ නියෝග සහ අගුලු දැමීමත් සමඟ ක්ලෝතියර් මහතා පැවසුවේ කොවිඞ් - 19 වසංගතය ක්‍රීඩාව සම්බන්ධයෙන් අති විශාල බලපෑමක් ඇතිකර ඇති බවයි. එහි විශාලතම බලපෑම වන්නේ නිතිපතා පරීක්ෂා කිරීම් සිදු නොකිරීම බවද හෙතෙම පැවසීය.
“බොහෝ රටවල සිදුවෙමින් පවතින ගමනා ගමන සීමා කිරීම ලොව පුරා පරීක්ෂණ ක්‍රියාවලීන්ට දැඩි බාධාවක් වී තිබේ,” යැයි ඔහු පැවසීය.
“අපි ලොව පුරා රටවල් 100 කට අධික සංඛ්‍යාවක් සඳහා පරීක්ෂණ පවත්වන අතර සෑම රටකම විවිධ සීමාවන් තිබෙනවා ... එම සීමාවන් එදිනෙදා, සතියෙන් සතිය වෙනස් වෙමින් පවතිනවා”
“එබැවින් අපගේ සාමාන්‍ය පරීක්ෂණ මෙහෙයුම් කඩාකප්පල් වෙලා. අපි තවමත් අපට හැකි තැනක පරීක්ෂණ පවත්වනවා. නමුත් දැඩි බාධාවක්, ප්‍රශ්නයක් නැහැ.” යයිද ක්ලෝතියර් මහතා පැවසීය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නව ස්වයං පාලිත මත්ද්‍රව්‍ය පරීක්ෂණයක්, මත්ද්‍රව්‍ය පාලක නිලධාරියෙකු විසින් සජීවීව අධීක්ෂණය කරනු ලබන අතර, එමගින් පිරිසිදු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීමට උපකාරී වේ. මෙම වසංගත කාළය තුල අඩු කරන ලද පරීක්ෂණ වලින් කිසිවෙකුට “නොමිලේ අවසර පත්‍රයක්” නොදීමට ඒජන්සිය උත්සාහ කරන බව එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නාශක විරෝධී ඒජන්සිය පැවසීය.
වර්තමාන පරීක්ෂණ සීමාවන් මඟින් තහනම් උත්තේජක ලබාගත් පුද්ගලයන්ට වංචා කිරීමට අවස්ථාවක් ලබා දුන්නද, වංචා කිරීමට ගොදුරු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට ඒජන්සි ක්‍රියාශීලී විය යුතු අතරම මත්ද්‍රව්‍ය ලබාගැනීමේ මූලික හේතුන් ද මැඩපවත්වීමට කටයුතු කළ යුතුබව ක්ලෝතියර් මහතා පැවසුවේය.
“තේරුම් ගත යුතු එක් දෙයක් වන්නේ පරීක්ෂා කිරීම අප සඳහා බවත් ක්‍රීඩාවන් සංඛ්‍යාවක් සඳහා නොවන බවත්” ඔහු පැවසීය. “අපට අවශ්‍ය වේලාවට අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරීක්ෂා කරන බවට වග බලා ගැනීම සඳහා අපි බුද්ධි හා විමර්ශන ක්‍රමවේදයන් භාවිතා කරනවා.
“මේ වන විට අපගේ පරීක්ෂණ කටයුතු අඩු වී ඇති අතර, අපගේ ප්‍රමුඛතාවය සහ අධි අවදානම් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි අපි අවධානය යොමු කර තිබෙනවා. අපට ඇති සීමාවන් තුළ හැකි තරම් ඔවුන් පරීක්ෂා කළ හැකි බවටත් වග බලා ගන්නවා” යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.
- 2079