
(දමින්ද විජේසූරිය)
කොළඹ මහානාම විද්‍යාලය සහ ඩී.එස්. සේනානායක විද්‍යාලය අතර 20 වැනි වරටත් පැවැත්වෙන රන් හටන මේ මස 8 වැනිදා සිට 10 වැනිදා දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වේ. වසර 12 කින් මෙපිට විසඳුමකින් තොරව නිමාවූ මහ ක්‍රිකට් තරගය පසුගිය වසරේ සිට තුන්දින තරගයක් ලෙසින් පැවැත්වෙන බැවින් දෙපිලම මහ තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා සිටිති.
රන්දීෂ බණ්ඩාරනායක කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් පිල මෙහෙයවයිත දුල්නිත් සිගේරා විසින් මහානාම විදුහල් පිල මෙහෙයවනු ලබයි. මෙම කණ්ඩායම් දෙකම අන්තර් පාසල් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා කරන කණ්ඩායම් වන බැවින් මහ තරගයේදී තියුණු සටනක් අපේක්ෂා කළ හැකිය.
අරවින්ද ද සිල්වා අභියෝග කුසලානය සඳහා වන එක්දින තරගය මැයි 17 වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදීම පැවැත්වෙන අතර කේ.එන්.පි. ද සිල්වා අනුස්මරණ කුසලානය වෙනුවෙන් විස්සයි-20 තරගය මේ මස 22 වැනිදා කොළඹ සී.සී.සී. පිටියේදී පැවැත්වේ.
වසර 2006 දී ආරම්භ කරන ලද ඩී.එස්. - මහානාම රන් හටනේ අවසන් වරට විසඳුමක් ලැබුණේ 2014 දී බිනුර ප්‍රනාන්දුගේ නායකත්වයෙන් ඩී.එස්. සේනානායක විදුහල ජයගැනීමෙනි. එතැන් සිට 2025 දක්වා මහ තරග විසඳුමකින් තොරව අවසන් වූ බැවින්, කුසලානය තවමත් ඩී.එස්. සේනානායක විද්‍යාලයේම තිබේ.
දෙවිදුහල් අතර මේ දක්වා පැවැති එක්දින තරග 8 ක් එක දිගට ජයගැනීමට මහානාම විදුහල සමත්ව සිටී. විස්සයි-20 තරගය ආරම්භ කරමින් පැවැති 2025 දී ජයග්‍රාහකයන් වූයේද මහානාම විදුහලයි.
මෙම තරග වාරයේ සිට මහානාම - ඩී.එස්. සේනානායක මහ ක්‍රිකට් තරගය විදුහල් දෙකේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් විසින් මෙහෙයවනු ලැබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.