Last Update  :  2025-11-11 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටෝකියෝ ඔලිම්පික් අවලංගුවන ලකුණු

ටෝකියෝ ඔලිම්පික් අවලංගුවන ලකුණු

editorial - 2021 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා අවදානම හේතුවෙන් මේ වසර මැදදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල යොදාගත් පරිදි පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ජපන් රජයේ අභ්‍යන්තර වාර්තාවකින් හෙළිවී ඇති බව එංලන්තයේ ඩේලි මේල් පුවත් පත කියයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් කොරෝනා අවදානම හේතුවෙන් එය වසරකින් කල්දමනු ලැබිණ.

මේ වසරේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇති බැවින් වසර 2032 දී ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමසඳහා ඉල්ලුම් කිරීමට ජපානය සූදානම් වෙයි.

කොරෝනා වයිරසයේ බලපෑම තිබුණ නමුත් කෙසේ හෝ ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්විය යුතු බවට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ජපන් රජය දැඩි ස්ථාවරයක සිටියේය. එහෙත් වාර්තාවෙන් හෙළිදරව් වන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවලංගුකර දැමීමට ජපන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පෞද්ගලික මට්ටමින් එකඟවී ඇති බවයි. මේ වසරේ ක්‍රීඩා උළෙල සංවිධානය කළ නොහැකි බැවින් 2032 ඔලිම්පික් උළෙල සඳහා ඉල්ලුම් කිරීමටද ඔව්හු එකඟ  වී සිටිති.

“මේ ගැන ඉස්සරවෙලාම කියන්න කව්රුවත් ඉදිරිපත් වෙන්නේ නෑ.. ඒත් ඒක (ක්‍රීඩා උළෙල සංවිධානය කිරීම) ඉතාම අසීරු තත්ත්වයට පත්වෙලා තියෙන්නේ..”
“පුද්ගලිකවම, මම වුණත් හිතන්නේ නෑ ඕක සිද්ධ වෙයි කියලා” යයි රජයේ ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බෙක් මහතා කියා සිටියේ යොදාගත් පරිදි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්විමට කටයුතු යොදාගෙන යන නමුත් ඒ සඳහා විකල්පයක් නැති බවයි.

“දැනට, මේ මොහොත වන විට, ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ අවුරුද්දේ ජූලි 23 වැනිදා ටෝකියෝ නුවරදී ආරම්භ නොවෙන්න හේතුවක් අපට පෙනෙන්නේ නෑ. ඒ නිසා තමයි ක්‍රීඩා උළෙල වෙනුවෙන් විකල්පයක් යොදාගෙන නැත්තේ.. ක්‍රීඩා උළෙල හැකි තරම් ආරක්‍ෂිතව තියන්න තමයි අපි කටයුතු යොදාගෙන යන්නේ.” යයි තෝමස් බෙක් මහතා ජපානයේ පුවත් පතකට බ්‍රහස්පතින්දා (21) පවසා තිබේ.

- 213


අදහස් (0)

ටෝකියෝ ඔලිම්පික් අවලංගුවන ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.