
ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන පත්කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් හිටපු නායකයකු මෙන්ම මේ වන විට එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේත් සභාපතිත්වයද දරන කුමාර් සංගක්කාර මහතාද සාමාජිකයන් 14 දෙනකුගෙන් සමන්විත ජාතික ක්‍රීඩා සභාවට පත්කර තිබේ.
ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්‍යභාරයන් අතර වේ. එහි සාමාජිකයෝ අමාත්‍යවරයාගේ ආරාධනයෙන් අද සවස එහි සමාරම්භක රැස්වීමට එක්ව සිටියහ.
ජාතික ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔව්හු සිය වෘත්තිය ක්ෂේත්‍රවලදී මෙන්ම අන්තර්ජාතික ක්‍රීඩා පිටියේදීත් ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ගොඩනැංවීම සඳහා අඛණ්ඩව දායක වූ අය වෙති.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය පරිදි නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සදහා සැළසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තීමය තත්වයකට නංවාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී ඇමතිවරයාට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මුලික කර ගත් විශේෂ වැඩසටහන් සදහා මග පෙන්වීමද ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර වේ.
ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයෝ
01. මහේල ජයවර්ධන මහතා - සභාපති
02. කුමාර් සංගක්කාර මහතා - කමිටු සාමාජික
03. ශවේන්ද්‍ර සිල්වා මහතා - කමිටු සාමාජික
04. රොවේනා සමරසිංහ මිය - කමිටු සාමාජික
05. සංජීව වික්‍රමනායක මහතා - කමිටු සාමාජික
06. ජූලියන් බෝලිං මහතා - කමිටු සාමාජික
07. යශ්වන්ත් මුත්තෙට්ටුවගම මහතා - කමිටු සාමාජික
08. සුපුන් වීරසිංහ මහතා - කමිටු සාමාජික
09. කස්තුරි විල්සන් මිය - කමිටු සාමාජික
10. රුවන් කෑරගල මහතා - කමිටු සාමාජික
11. රාජිත අම්පෙමොහොට්ටි මහතා - කමිටු සාමාජික
12. රොහාන් ප්‍රනාන්දු මහතා - කමිටු සාමාජික
13. ඩිලන්ත මාලගමුව මහතා - කමිටු සාමාජික
14. අමල් එදිරිසූරිය මහතා - කමිටු සාමාජික
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.