Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජිතේෂ් ෂර්මා (නොදැවී 85) සහ විරාට් කෝලි (54) දෙදෙනාගේ දස්කම් මතින් ලක්නව් සුපර් ජයන්ට්ස් පිල කඩුලු 6 කින් පරාජය කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයෝ 2025 අයි.පී.එල්. තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයට පැනගත්හ.
රෝයල් චැලේන්ජර්ස් නායක ජිතේෂ් ෂර්මා පන්දු 33 කින් ලබාගත් ලකුණු 85 හේතුවෙන් අයි.පී.එල්. තරඟාවලි ඉතිහාසයේ තුන්වන ඉහළම සාර්ථක හඹා වාර්තා කිරීමට බැංගලෝර් ක්‍රීඩකයන්ට හැකිවිය.
රිෂාබ් පාන්ට් පන්දු 61 කින් නොදැවී ලකුණු 118 ක් ලබා ගැනීම නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත ඕවර 20 නිමාව්දී කඩුලු 3 කට ලකුණු 227 ක් ලබාගත්තේය. එහෙත් බැංගලෝර් ක්‍රීඩකයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ලකුණු 230 ක් ලබාගනිමින් තරගය ජයගත්හ.
අයි.පී.එල්. තරගාවලියේ අවසන් වටය ආරම්භ කරමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම හෙට (29 වැනිදා) චන්දිගාර් නුවරදී තරග වදිනු ඇත. එහි ජයග්‍රාහකයන් සෘජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත.
අවසන් වටයේ වඩාත්ම අවදානම් තරගය වන ‘ගල උඩ සටන’ මේ මස 30 වැනිදා ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර චන්දිගාර් නුවරදීම පැවැත්වෙයි. මෙම තරගය ‘ගල උඩ සටන’ ලෙසින් හැඳින්වෙන්නේ එහි පරාජිතයා තරගාවලියෙන් ඉවතට වීසි වීමත්, එහි ජයග්‍රාහකයාට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් අවස්ථාවක් ලැබීමත් හේතුවෙනි.
ඊයේ (27 වැනිදා) පැවැති මූලික වටයේ අවසන් තරගයේදී ලකුණු 228 ක ඉලක්කයක් කරා යාම ආරම්භ කළ බැංගලෝර් පිල වෙනුවෙන් විරාට් කෝලි (54) සහ පිල් සෝල්ට් (30) දෙදෙනා එක්ව ඕවර 5.4 කදී ලකුණු 61 ක් එක් කළහ. සෝල්ට් පළමු ඕවරය හතරේ පහරකින් ආරම්භ කළේය. කෝලි එය හතරේ පහරකින් අවසන් කළේය. පිල් සෝල්ට් දෙවන ඕවරය ආරම්භ කළේ හතරේ පහරකිනි. කෝලි එය හතරේ පහර හතරකින් අවසන් කළේය. ඕවර හතරකට පසු, බැංගලෝර් ක්‍රීඩකයෝ කිසිවකු නොදැවී ලකුණු 50 ක් ලබා සිටියහ.
ආකාෂ් සිං විසින් පිල් සෝල්ට් දවාගන්නා ලද නමුත් කෝලි දිගටම සිය ආක්‍රමණය කරගෙන ගියේය. ආකාෂ් සිංගේ පන්දුවක් එක්ස්ට්‍රා කවර්ස් කලාපය හරහා හතරේ සීමාවට යැවූ කෝලි පන්දු 27 කින් ඔහුගේ අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය.
පන්දු 30 කින් ලබාගත් ලකුණු 59 කට පසුව කෝලි දැවී යන විට බැංගලෝර් පිලට ජයග්‍රහණය සඳහා ඕවර 8.4 කින් ලකුණු 105 ක් අවශ්‍ය වී තිබිණ.
බැංගලෝර් නායක ජිතේෂ් ෂර්මා මුහුණ දුන් පළමු පන්දුවම හතරේ සීමාවට යවමින් සිය ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. එක් අවස්ථාවකදී බැංගලෝර් පිලට ඕවර 7 කින් ලකුණු 89 ක් අවශ්‍ය විය. ඒ වන විට මායන්ක් අගර්වාල් පන්දු 15 කින් ලකුණු 27 ක් ලබා සිටියත් ජිතේෂ් තරගය තමාගේම අතට ගැනීමට තීරණය කළේය. විලියම් ඕ’රූක්ගේ ඕවරයකින් ලකුණු 17 ක් ලබාගත් බැංගලෝර් නායකයා අගර්වාල් සමගින් සාර්ථක සම්බන්ධතාව දිගහැරීමට පටන් ගත්තේය.
ඕවර 3 කින් ලකුණු 28 ක් අවශ්‍යව තිබියදී විලියම් ඕ’රූක්ව සෙල්ලමකට ගත් ජිතේෂ් ෂර්මා, නවසීලන්ත ටෙස්ට් පන්දු යවන්නාගේ පන්දු 5 කින් ලකුණු 20 ක් උදුරා ගත්තේ ඩීප් මිඩ් විකට් කලාපයට ඉහළින් ගැසූ අලංකාර හයේ පහරක් ද සමගිනි. ජිතේෂ් තරගය අවසන් කළේ බඩෝනිගේ පන්දුවක් හමුවේ ගැසූ හයේ පහරකිනි.
ගුජරාට් පිල වෙනුවෙන් අංක 3 ස්ථානයේ පන්දුවට පහර දුන් රිෂාබ් පාන්ට් මෙවර තරගාවලියේ සිය හොඳම ඉනිම (පන්දු 61 කින් ලකුණු 111) හතරේ පහර 8 කින් සහ හයේ පහර 11 කින් සැරසූ නමුත් අවසානයේදී ජිතේෂ් ෂර්මා තරගය උදුරාගත්තේය.
ලක්නව් සුපර් ජයන්ට්ස් - ඕවර 20 කදී කඩුලු 3 ට 227 යි
(මිචෙල් මාෂ් 67, මැතිව් බී්‍රට්ස්කි 14, රිෂාබ් පාන්ට් නොදැවී 118, නිකලස් පූරන් 13)
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 18.4 කදී කඩුලු 4 ක් දැවී 230 යි
(පිල් සෝල්ට් 30, විරාට් කෝලි 54, රජාත් පතිදාර් 14, මයන්ක් අගර්වාල් නොදැවී 41, ජිතේෂ් ෂර්මා නොදැවී 85, විලියම් ඕ’රූක් 74/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.