Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එම්.ඒ.චිදම්බරම් ක්‍රීඩාංගණය පිහිටි චෙන්නායි නුවරින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට තිළිණ කළ රවිචන්ද්‍රන් අශ්වින්ගේ විශිෂ්ට දස්කම් නිසා දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්තය ලකුණු 317 කින් පරාජය කළ ඉන්දියානුවෝ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළහ. මෙම තරගයේදී කෝඩුකාරයා වූ වමතින් දඟ පන්දු යවන අක්සර් පතෙල් කඩුලු 5 ක් දවාගත් හෙයින් එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 164 කට සීමා විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 482 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිලට මුහුණ දිය හැකිවූයේ ඕවර 52.2 ක් පමණි.
තරගාවලියේ පළමු තරගය පරාජය වූ නමුත් දෙවැනි තරගයේ ඉනිම දෙකේදීම කඩුලු 8 ක් දවාගනිමින් පිත්තෙන්ද දස්කම් පෙන්වා ශතකයක් ලබාගත් අශ්වින්ගේ දායකත්වය නිසා ඉන්දියානුවෝ වාර්තාගත ජයක් ලබාගත්හ. මෙම ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායමක් එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී ලබාගත් විශාලතම ජයග්‍රහණයයි.
තරගයේ සිව්වැනි දිනය වූ අද ක්‍රීඩාව ආරම්භ කරන විට එංගලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 53 ක් ලබා සිටියේය. එහෙත් දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසුව ජෝ රූට් දැවී යාමෙන් පසුව මොයින් අලී කිසියම් සටනක් දුන් නමුත් ඔහුට තනිවම එය කළ නොහැකි විය. අලී කළේ එන එන පන්දුවට වැරෙන් පහර දීමකි. අලී සහ අවසන් පිතිකරුවා වූ ස්ටුවර්ට් බ්‍රෝඩ් අතර පැවැති ලකුණු 38 ක සම්බන්ධතාව එංගලන්තය වෙනුවෙන් කඩුල්ලක් සඳහා වූ හොඳම සම්බන්ධතාවද විය.
තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 329 ක් ලබාගත් නමුත් අශ්වින්ගේ කඩුලු 5 හේතුවෙන් එංගලන්ත මුල් ඉනිම ලකුණු 134 කට සීමාවිය. මුල් ඉනිමේදී ලකුණු 195 ක වාසියක් තබාගත් ඉන්දීය පිලට අශ්වින්ගෙන් ලැබුණු ශතකය නිසා ලකුණු 482 ක දැවැන්ත ඉලක්කයක් එංගලන්තයට දීමට හැකිවිය. අශ්වින්ගේ මෙම පිතිහරඹයට නායක විරාට් කෝලිගේ ලකුණු 62 මනා පිටිවහලක් වූයේ දෙදෙනා අතර හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සම්බන්ධතාවක් පැවැති හෙයිනි.
තරගයේ වීරයා වශයෙන් රවිචන්ද්‍රන් අශ්වින් සම්මාන දිනාගත්තේය.
ඉන්දියාව- පළමු ඉනිම 329
එංගලන්තය - පළමු ඉනිම 134
ඉන්දියාව - දෙවැනි ඉනිම 286
(රෝහිත් ෂර්මා 26, ෂුබ්මන් ගිල් 14, විරාට් කෝලි 62, අජින්ක්‍යා රහනේ 10, රවිචන්ද්‍රන් අශ්වින් 106, මොහොමඩ් සිරාජ් 16, ජැක් ලීච් 100/4, මොයින් අලී 98/4)
එංගලන්තය - දෙවැනි ඉනිම 164
(රෝරි බරන්ස් 25, ඩැනියෙල් ලෝරන්ස් 26, ජෝ රූට් 33, ඔලී පෝප් 12, මොයින් අලී 43, අක්සර් පතෙල් 60/5, රවිචන්ද්‍රන් අශ්වින් 53/3, කුල්දීප් යාදව් 25/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.