Last Update  :  2025-08-07 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චාමිකගේ දස්කම් ග්‍රීන්ස් පිල දිනවයි

චාමිකගේ දස්කම් ග්‍රීන්ස් පිල දිනවයි

editorial - 2025 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි-20 ලීග තුන් කොන් තරගාවලියේ පළමු තරගය ලෙස බ්ලූස් කණ්ඩායම සහ ග්‍රීන්ස් කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ග්‍රීන්ස් කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹාගිය ග්‍රීන්ස් ක්‍රීඩකයෝ ඕවර 16.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිස දක්ෂ පිතිහරඹයක නිරත වූ චාමික කරුණාරත්න, පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 47 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

ලකුණු 42 කට කඩුලු 5 ක් බිඳවැටී ග්‍රීන්ස් කණ්ඩායම අසීරු අඩියකට පත්ව තිබියදී නායක කමිඳු මෙන්ඩිස් (36) සමග එක්ව හයවැනි කඩුල්ල සඳහා පන්දු 42 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනගමින් චාමික සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. පන්දු 36 කදී වාර්තා වූ කමිඳුගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බ්ලූස් කණ්ඩායමට චාමික කරුණාරත්න ප්‍රමුඛ ග්‍රීන්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම් හමුවේ ඕවර 19.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143 ක් පමණි. එහිදී සිය ඕවර 4 ලකුණු 17 කට සීමා කළ චාමික කඩුලු 3 ක් බිඳහෙළුවේය. 

බ්ලූස් පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා චාමිකට අනගි සහායක් දුන් දුෂ්මන්ත චමීර, ටේ‍රවීන් මැතිව් සහ නුවන් තුෂාර කඩුලු 2 බැගින් දවාගත්හ. බ්ලූස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 10 කින් ලකුණු 28 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 


බ්ලූස් පිල - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 143 
(පැතුම් නිස්සංක 28, විෂේන් හැළඹගේ 15, කුසල් පෙරේරා 24, ධනංජය ද සිල්වා 18, අකිල ධනංජය 16, චාමික කරුණාරත්න, 17/3, දුෂ්මන්ත චමීර 28/2, ටේ‍රවීන් මැතිව් 34/2, නුවන් තුෂාර 36/2) 

ග්‍රීන්ස් පිල - ඕවර 16.5 කදී කඩුලු 6 ක් දැවී 144 
(කමිල් මිෂාර 15, කමිඳු මෙන්ඩිස් 36, චාමික කරුණාරත්න නොදැවී 47, දසුන් ශානක 17/3, අකිල ධනංජය 22/2) 

 

 


අදහස් (0)

චාමිකගේ දස්කම් ග්‍රීන්ස් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.