Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල් - තීක්‍ෂණ ලෝක කුසලාන තරගාවලියට

චන්දිමාල් - තීක්‍ෂණ ලෝක කුසලාන තරගාවලියට

editorial - 2021 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට හිටපු විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් සහ මහීෂ් තීක්‍ෂණ නම් කර ඇති බව වාර්තා වේ. විස්සයි20 කණ්ඩායමේ නායක දසුන් ශානක එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.

මෙම විස්සයි20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කර නොමැති අතර අන්තර්ජාතික ක්‍රිකතට් සභාව විසින් සියලුම රටවලට සිය කණ්ඩායම් නම් කිරීම සඳහා ලබාදුන් අවසන් දිනය හෙට (10 වැනිදා) නිමා වනු ඇත. 

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් පිතිකරුවන් අතරට දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ඇතුළත් වෙති. කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසත්, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර සහ ඉෂාන් ජයරත්න වේගපන්දු යවන්නන් ලෙස කටයුතු කරති.

මහීෂ් තීක්‍ෂණ සහ ප්‍රවීන් ජයවික්‍රම දඟපන්දු යවන්නන් ලෙස සංචිතයට එක්කර ඇත. 

ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ අයි.පී.එල්. තරගාවලියෙන් පසුව බැවින්, තණතීරු වැඩිවශයෙන් භාවිතා කිරීම නිසා මෙම තරගාවලියේදී දඟ පන්දු යවන්නන් වැඩි මෙහෙයක් කරනු ඇත. එබැවින් අවශ්‍ය අවස්ථාවලදී ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංකද පන්දු යැවීමට ඉදිරිපත් වනු ඇත. 

ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, අකිල ධනංජය සහ රමේෂ් මෙන්ඩිස් අතිරේක ක්‍රීඩකයන් ලෙස නම්කර ඇති බව වාර්තා වේ. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියටද නම් නොකල ලක්ෂාන් සඳකැන් සහ අශේන් බණ්ඩාරටද ලෝක කුසලාන විස්සයි20 සංචිතයේ ස්ථානයක් හිමිව නොමැත.

ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්‍ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර.

- 2079


අදහස් (1)

චන්දිමාල් - තීක්‍ෂණ ලෝක කුසලාන තරගාවලියට
  • S.N.S.B Manoj Saturday, 11 September 2021 12:08 AM

    හොඳ වැඩක්... !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.