Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා දෙවැනි කණ්ඩායම තෝරා ගැනීම සඳහා අද (22 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ස්ටාර්ස් කණ්ඩායම සමත් විය. ඒ අනුව හෙට (23 වැනිදා) පස්වරු 7.30 ට ආරම්භ වන අවසන් මහ තරගයේදී යාපනය කිංග්ස් කණ්ඩායමට එරෙහිව කොළඹ ස්ටාර්ස් කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය.
ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 4 ක් පමණක් දැවී පන්දු 7 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ. රවී බොපාරා පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 29 ක්ද, නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 13 කදී හයේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 21 ක්ද රැස්කරමින් සිය කණ්ඩයමේ ජයග්‍රහණය තහවුරු කළහ. වනිඳු හසරංග යැවූ කොළඹ ඉනිමේ 19 වැනි ඕවරයේදී හයේ පහර 3 ක් සමග ලකුණු 20 ක් රැස්කරමින් බොපාරා සහ මැතිව්ස් මහනුවර කණ්ඩායමේ බලාපොරොත්තු සුනුවිසුණු කර දැමූහ.
මෙවර තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අපොහොසත් වුවද, අවශ්‍යම මොහොතේදී කණ්ඩායම වෙනුවෙන් සිය උපරිමය ලබාදුන් චරිත් අසලංක, පන්දු 40 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 64 ක් රැස්කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහණයේ දොරටු විවර කර දුන්නේය. විශිෂ්ඨ පන්දු රකින්නකු ලෙස නම් දරා සිටි අෂේන් බණ්ඩාර දෙසට පන්දුව යොමු කරමින් නොතිබූ ලකුණක් ලබාගැනිමට තැත් කිරීමේදී දුවද්දී දැවී යෑමකට හසුවෙමින් අසලංක දැවී ගියේය.
ලකුණු 13 දී කොළඹ ඉනිමේ පළමු කඩුල්ල ලෙස නිෂාන් මධුෂංක (11) පිටියෙන් ඉවත්ව ගියද, දිනේෂ් චන්දිමාල් (38) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අසලංක කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය. පන්දු කමිඳු මෙන්ඩිස් යැවූ පන්දුවක් පසුපස පාදයේ වැදී කඩුල්ල මතට පතිතවන විට පන්දු 33 කට මුහුණදී සිටි චන්දිමාල්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත වී තිබිණ.
පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම වනිඳු හසරංගගේ නායකත්වයේ පිතිහරඹය හේතුවෙන් ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තේය. මුලු ලකුණු සංඛ්‍යාව 42 ක්ව තිබියදී මොහොමඩ් නබීගේ පන්දුවක් හමුවේ තෙවැනි කඩුල්ල ලෙස කමිඳු මෙන්ඩිස් (23) යෑමත් සමග පිටියට පිවිසි වනිඳු, පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග වේගවත් ලකුණු 77 ක් රැස්කරමින් සිය කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ගියේය.
අවසන් ඕවරය ආරම්භ වන විට පන්දු 30 කදී ලකුණු 66 ක් ලබා සිටි වනිඳු, එම ඕවරයේ පළමු පන්දු දෙකේදී ලබාදුන් උඩ පන්දු දෙකක් එක්ස්ට්‍රා කවර් කළාපයේදී ඇන්ජලෝ මැතිව්ස් අතින් සහ ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේදී මොහොමඩ් නබී අතින් ගිළිහී ගියේය. ඒ හේතුවෙන් වනිඳුට තවත් ලකුණු 11 ක් සිය කණ්ඩායමට එක් කිරීමේ අවස්ථාව උදා විය. කාර්ලෝස් බ්‍රැත්වේට් අවසන් පන්දු කිහිපයදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 15 ක් රැස්කළේය.
අෂේන් බණ්ඩාර (40) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වනිඳු සමත් විය. ආරක්ෂාකාරී පිතිහඹයක නිරත වූ බණ්ඩාරට තමා මුහුණදුන් පන්දු 41 දී පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවිය හැකි වූයේ අවස්ථා 2 කදී පමණි. 17 වැනි ඕවරයේදී යළිත් පන්දුව අතට ගත් කසුන් රාජිත, එහි පළමු පන්දුවේදීම බණ්ඩාර දවාගනිමින් එම සම්බන්ධතාවට තිත තැබුවේය. ඉන් පසුව යැවූ පන්දුවේදී ෆේබියන් ඇලන් තමාගේ සිවුවැනි ගොදුර බවට පත්කර ගැනීමටද රාජිතට හැකි විය.
වයිඩ් පන්දුවක් යොමුකරමින් පන්දු යැවීම ආරම්භ කළ කසුන් රාජිත, මහනුවර ඉනිමේ පළමු ඕවරය නිමා කළේ ලකුණු 5 කට කඩුලු 2 ක් ලෙසිනි. එහිදී මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට රාජිත සමත් විය. අෂේන් බණ්ඩාර ලබාදුන් උඩ පන්දුවක් ස්ලිප්හි පන්දු රකිමින් සිටි බෙනී හොවෙල් අතින් ගිළිහී නොයන්නට පළමු ඕවරය තුළ මහනුවරට තෙවැනි කඩුල්ලත් අහිමි විමට ඉඩ කඩ තිබිණ.
රාජිත යැවූ දෙවැනි ඕවරයේදී කමිඳු මෙන්ඩිස්ද උඩ පන්දුවක් ලබාදුන් නමුත් එය රැකගැනීමට බැක්වඩ් පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි රවී බොපාරා අසමත් වීමත් සමග කමිඳුට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය. ඉන් අනතුරුව ලකුණු 15 ක් ලබා සිටියදී සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කමිඳු කඩුල්ල මුවාකළ බවට විනිසුරුවරයා සංඥා කළද, විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය මගින් ඔහු තමා නොදැවුණ ක්‍රීඩකයකු බව තහවුරු කළේය.
මහනුවර ෆෝල්කන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 168
(කමිඳු මෙන්ඩිස් 23, අෂේන් බණ්ඩාර 40, වනිඳු හසරංග නොදැවී 77, කාර්ලෝස් බ්‍රැත්වේට් නොදැවී 15, කසුන් රාජිත 20/4)
කොළඹ ස්ටාර්ස් පිල - ඕවර 18.5 කදී කඩුලු 4 කට 169
(දිනේෂ් චන්දිමාල් 38, චරිත් අසලංක 64, රවී බොපාරා නොදැවී 29, ඇන්‍ජලෝ මැතිව්ස් නොදැවී 21, කමිඳු මෙන්ඩිස් 26/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.