Last Update  :  2025-11-11 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොරෝනාටත් නතර කළ නොහැකි වූ සනා

කොරෝනාටත් නතර කළ නොහැකි වූ සනා

editorial - 2020 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව විශිෂ්ටම ක්‍රිකට් ක්‍රීඩකයන් වූ ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස්, ශ්‍රීමත් ඉයන් බොතම්, කපිල් දේව් මෙන්ම බ්‍රයන් ලාරාත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුව දක්‍ෂ ගොල්ෆ් ක්‍රීඩකයෝ වූහ. ෆෝමියුලා  කාණ්ඩයේ අද්වීතීය ලෝක ශූරයා වූ මයිකල් ෂූමාකර් මෝටර් රථ තරග බිමෙන් සමුගැනීමෙන් පසුව හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව තෝරා ගත්තේය.

කෙටිදුර ධාවන ඉසව් වලින් ඔලිම්පික් රන් පදක්කම් 8 ක සහ ලෝක ශූරතා 11 ක හිමිකරවා වන උසේන් බෝල්ට් පවා පසුගිය වසරේදී ක්‍රිකට් ආම්පන්න ඇඳ ක්‍රිකට් පිටියට පිවිස සිටියේය. දැන් සනත් ජයසූරියත් බොක්සිං අත් ආවරණ දෙකක් ඇතිව බොක්සිං ක්‍රීඩාවට පිවිස සිටී. ඒ සම්බන්ධයෙන් සනත් ජයසූරියගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන්ගේ අරමුණ බොක්සිං ක්‍රීඩා කිරීම නොව, ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම බවයි.

සනත් ජයසූරිය යනු ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ 2014 - 2015 වකවානුවේදී ඔහු හදවත් සැත්කමකට මුහුණ දුන් නමුත් වැඩි කල් නොයවාම පිට්ටනියට බැස්සේය. තේරීම් කමිටු සභාපතිවරයාව සිටියදී සුවිශේෂී කාර්යයක් සඳහා කිසියම් ක්‍රීඩකයකු තෝරාගැනීමට අවශ්‍ය වූ විටෙක (2015 ලෝක කුසලාන තරගාවලියේදී) පුහුණු දැල වෙත ගොස් තමන්ම පන්දු යවමින් හෝ පන්දුවට පහර දෙමින් අවශ්‍ය ක්‍රීඩකයා තෝරා ගැනීමට පවා පසුබට නොවූ අව්‍යාජ ක්‍රිකට් ප්‍රේමියෙකි.

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව මාස දෙක හමාරක් පුරා අගුළු දමා තිබුණද ජයසූරියගේ ක්‍රීඩා ලැදිබව නතර කිරීමට කොරෝනාවටත් බැරිවිය. එම කාලයේදී තමන්ගේ ශාරිරික යෝග්‍යතාව පවත්වා ගැනීමට මුෂ්ඨි ප්‍රහාර දීමට හුරුවූ සනත් ජයසූරිය හෙට දවසේදී බොක්සිං වළල්ල ඇතුළේ පෙනී සිටියහොත් එයද පුදමයට කාරණාවක් නොවේ.

 


සටහන : දමින්ද විජේසූරිය
ඡායාරූප - ඉෂාර කොඩිකාර (ඒ.එෆ්.පී.)


අදහස් (0)

කොරෝනාටත් නතර කළ නොහැකි වූ සනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.