
ෂිම්රන් හෙට්මියර්ගේ මතක හිටින ප්‍රහාරයත්, රොමාරියා් ෂෙපර්ඩ්ගේ කඩුලු ත්‍රිත්වයත් නිසා බටහිර ඉන්දීය කොදෙව්වෝ, ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම, අපහසුවකින් තොරව ස්කොට්ලන්තය පරාජය කරමින් ලකුණු 35 ක පහසු ජයක් අත්කර ගත්හ.
කොල්කටා නුවරදී අද (7 වැනිදා) පැවැත්ති ලෝක කුසලාන තරගයේදී කොදෙව්වෝ නියමිත ඕවර 20 නිමාවේ කඩුලු 5 ක් දැවී ලකුණු 182 ක් ලබාගත්හ. ලකුණු 183 ඉලක්කයක් කරා ගිය ස්කොට්ලන්ත පිලට ලබාගත හැකිවූයේ ලකුණු 147 කි. කොදෙව් පිලේ රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු ත්‍රිත්වයක් ද සමගින් ලකුණු 20 කට කඩුලු 5 ක් දවාගත්තේ ඔහුගේ තුන්වැනි ඕවරයේදී පන්දු 5 කින් කඩුලු 4 ක් දවාගනිමිනි.
ස්කොට්ලන්ත නායක රිචී බැරිංටන් (42) හැරුණු විට කොදෙව්වන්ට සටනක් දීමට වෙනත් ස්කොට්ලන්ත පිතිකරුවෙක් ඉදිරිපත් නොවීය.
පන්දු 36 කින් ලකුණු 64 ක් ලබාගත් හෙට්මියර්ගේ ඉනිම හතරේ පහර 2 කින් සහ හයේ පහර 6 කින් සමන්විත විය. වි-20 ලෝක කුසලාන තරගයකදී පන්දු 23 කින් අර්ධ ශතකයක් ලබාගනිමින් ක්‍රිස් ගේල් කොදෙව් පිල වෙනුවෙන් තබා තිබූ වාර්තාව ෂිම්රන් හෙට්මියර් විසින් හිමිකරගන්නා ලද්දේ පන්දු 22 කින් අර්ධ ශතකය සම්පූර්ණ කරමිනි.
ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරගය ආරම්භ වීමට පෙර, රටවල් දෙකේ ජාතික ගීය ගායනා කරන අවස්ථාවේදීම කොදෙව් පිලේ පුහුණුකරු ඩැරන් සැමීගේ මුහුණේ ඇඳී තිබුණේ තෘප්තිමත් මන්දස්මිතයකි. අවසන් වරට (2016 දී) විස්සයි-20 ලෝක කුසලාන දිනාගැනීමෙන් වසර 10 කට පසුව, බටහිර ඉන්දීය කොදෙව් පිල ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ තමන් කවුරුන්ද යන්න නැවත වරක් ලෝකයාට කියාදීමේ අරමුණ ඇතිවය.
ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ මෙන් පොතේ ක්‍රිකට් වලට ඇලී ගැලී නැති කොදෙව්වන්ගේ නිසඟ ක්‍රීඩා රටාව විස්සයි-20 ක්‍රිකට් සමගින් මනාව සංකලනය වන්නකි.
වසර දෙකකට ඉහත දී, දඹුල්ලේ පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පවා ඩැරන් සැමී කීවේ “ලෝක කුසලාන තරගාවලියේදී බලාගම්මු” කියාය.
ක්‍රමාණුකුළ ආරම්භයකට පිවිසි කොදෙව්වෝ පළමු ඕවර 4 න් ලකුණු 27 ක් ලබාගත්හ. මේ අතරවාරයේදී සිය ඕවර දෙකම ලකුණු 08 කට සීමාකරගැනීමට මාක් වොට් සමත් වීම හේතුවෙන් ප්‍රහාරක ඕවර 6 නිමාවේදී කොදෙව් ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 33 කි. එහෙත් හත්වැනි ඕවරයේදී බ්‍රෙන්ඩන් කිංග්ගේ ප්‍රහාරයකින් ලකුණු 17 ක් උදුරාගත් කොදෙව්වෝ ලකුණු 50 ක් පුවරුවට දැමූහ.
තරගය වෙනස් වූයේ හත්වැනි ඕවරයෙනි.
කොදෙව් පිලට ඕවර දෙකකින් ලකුණු 32 ක් එකතු වෙද්දී ෂිම්රන් හෙට්මියර් පන්දු 16 කින් ලකුණු 33 ක් ලබා සිටියේය. එතැන් සිට කොදෙව්වන් කොතෙක් වේගවත් වූයේද යත් ඕවර 15 කින් ලකුණු 138 ක් පුවරුවට එක්වූ අතර ෂිම්රන් හෙට්මියර්ගේ ලකුණු 52 න් ලකුණු 40 ක්ම හයේ හෝ හතරේ පහරවලින් ලබාගත් ඒවා විය. හෙට්මියර්ගේ ප්‍රහාර වල බලය මෙන්ම ජවයද අන්තර්ගත විය. පන්දුව හතරේ සීමාවට ගියා නොව, හතරේ සීමාව පන්දුව වෙත ආවා වැන්න.
අවසන් ඕවර 4 න් ලකුණු 42 ක් උදුරාගත් කොදෙව්වෝ ස්කොට්ලන්තයට අසීරු අභියෝගයක් බාර කළහ.
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 182 යි
(බ්‍රෙන්ඩන් කිංග් 35, ෂායි හොප් 19, ෂිම්රන් හෙට්මියර් 64, රෝමන් පවෙල් 24, ශර්ෆේන් රදර්ෆර්ඩ් 26, බ්‍රැඩ් කරී 23/2)
ස්කොට්ලන්තය - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 147 යි
(ජොර්ජ් මන්සි 19, බ්‍රෙන්ඩන් මැක්මුලන් 14, රිචී බැරිංටන් 42, ටොම් බෲස් 35, මැතිව් ක්‍රොස් 11, මාක් වොට් 15, ජේසන් හෝල්ඩර් 30/3, රොමාරියෝ ෂෙපර්ඩ් 20/5)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.