Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල් තුන්කොන් තරගාවලියෙන් ඉවතට

කුසල් තුන්කොන් තරගාවලියෙන් ඉවතට

ශනුක අරවින්ද - 2018 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇලපතේ මස් පිඬුවක ඇදීමකින් පීඩා විඳීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරාට බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සෙසු තරග වලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගාය අතරතුර පන්දුවට පහරදීමේදී කුසල් එම ආබාධ තත්ත්වයට ලක්ව තිබේ. තුන්කොන් තරගාවලියේ මුල් තරග 3 දීම ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ කුසල්, එහිදී අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 130 ක් රැස්කළේය.

ආබාධ තත්ත්වයෙන් සුවය ලැබීම සඳහා කෙටි කාලයක් විවේකීව සිටින ලෙස වෛද්‍යවරුන් කුසල්ට උපදෙස්දී ඇති අතර ඒ හේතුවෙන් ඔහුට තරගාවලියේදී සෙසු තරග අහිමි වනු ඇත.

කුසල්ගේ හිඩැස පිරවීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතය. මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 17 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති ධනංජය එහිදී අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 335 ක් රැස්කරගෙන ඇති අතර බිඳහෙළා තිබෙන කඩුලු සංඛ්‍යාව 4 කි.

 


අදහස් (0)

කුසල් තුන්කොන් තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.