Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
අර්ජුන රණතුංග මහතා තවදුරටත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නම් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ උපදේශක ධුරයේ හා ක්‍රීඩා සභාවේ සාමාජික ධුරයේ තව දුරටත් රැඳී සිටීමේ සූදානමක් තමන් තුළ නැතැයි සුදත් චන්ද්‍රසේකර මහතා ක්‍රීඩා ඇමැතිවරයාට දැනුම්දී තිබේ.
මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතාට ලිපියක් යොමු කරන චන්ද්‍රසේකර මහතා රණතුංග මහතා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිධුරයට පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා සාකච්ඡා කර ඊට රජයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළේ තමා බවත් එහෙත් එම පත්වීමෙන් පසුව අර්ජුන රණතුංග මහතාගේ ඇතැම් හැසිරීම් සම්බන්ධයෙන් තමාට එකඟවිය නොහැකි බැවින් ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා බලකර සිටින බවත් පවසයි.
‘ලංකාදීප’ය කළ විමසුමකදී චන්ද්‍රසේකර මහතා මෙසේ පැවැසීය. “අර්ජුන රණතුංග මහතාට තිබෙන්නේ කුමන ක්‍රමයකින් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වෙන්න තිබෙන වුවමනාවක්. ඒ හින්දා ඔහු මේ වෙනකොට ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නැති ප්‍රශ්න ඇති කරගෙන යනවා.
ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අවුල් තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒකේ අවසානය තමයි ශ්‍රී ලංකාව ඉදිරියේදී අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ වාරණයකට ලක්වීම. මේ වගේ රටේ ක්‍රිකට් පරිපාලනයට ප්‍රශ්න ඇති කරන තීරණවලට යන්න එපා කියලා මම අර්ජුන රණතුංගගෙන් කීප විටක්ම ඉල්ලා තිබෙනවා. නමුත් ඊට ඔහුගේ ප්‍රතිචාරය සතුටු වෙන්න බෑ.”
මේ අතර චන්ද්‍රසේකර මහතා සඳහන් කරන්නේ මෙම ප්‍රශ්නය මුල් කර ගනිමින් තමා මීට පෙර අවස්ථාවකදී ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වීම ඉදිරිපත් කළත් ඇමැතිවරයා එය නොපිළිගත් බවයි.
එවකට ජනාධිපති ධුරයේ කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා අර්ජුන රණතුංග මහතාගේ මෙම පත් කිරීමට එරෙහි වූ බවද චන්ද්‍රසේකර මහතා ඔහුට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
මේ අතර ජාතික ක්‍රීඩා සභාවේ ඊයේ (30) කැඳවා තිබූ සාකච්ඡාව ගණපූර්ණය නොමැතිවීම නිසා අත්හිටුවීමට පියවර ගත් බවද වාර්තාවේ. ඒ පිළිබඳව චන්ද්‍රසේකර මහතා පවසන්නේ මේ වනවිට එහි සාමාජිකයන් බහුතරයකගේ සභාපතිවරයා කෙරෙහි පවතින විරෝධය නිසා ඊයේ රැස්වීමට ‘සූම්’ තාක්ෂණයෙන් හෝ පෙනී සිටීමට ඔවුන් උනන්දු නොවූ බවයි.
අර්ජුන රණතුංග මහතා ඇතුළු ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් 14 දෙනකු ක්‍රීඩා ඇමැතිවරයා අතින් පත්වීම් ලිපි ලබා ගත්තේ 2022 අගෝස්තු 10 වැනිදාය. එයින් සුනිල් ජයවීර මහතා ඇතුළු කීප දෙනකු ඉල්ලා අස්වූ බව පසුව වාර්තා විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.