Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් වසර ගණනාවක සිටම කියා සිටියද එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ඉල්ලා සිටිමින් ක්‍රිකට් ප්‍රවීණයෝ 12 දෙනෙක් අභියාචනාධිකරණය හමුවට ගොස් සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ හිටපු අතුරු කමිටු සභාපතිවරු සිව්දෙනෙක්, හිටපු ටෙස්ට් ක්‍රීඩකයෝ දෙදෙනෙක්, හිටපු අතුරු කමිටු ලේකම්වරු දෙදෙනක් මෙන්ම 1996 ලෝක කුසලාන දිනාගත් අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාව සිටි ආනා පුංචිහේවා මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ හිටපු නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතාත්, විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක් මහතාත් මෙම 12 දෙනා අතරට එක්ව සිටිති.
හිටපු ටෙස්ට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙම පෙත්සම ගොනු කිරීමට එක්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතා විසින් මෑතකදී පත්කරනු ලැබ සිටින බලසම්පන්නම කමිටුව වන ක්‍රිකට් තාක්‍ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයකු ලෙසින්ද කටයුතු කරන අතරවාරයේදීය. අරවින්ද ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්‍ෂණික උපදේශක කමිටුවට රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර යන මහත්වරුද ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු කිහිපයකම කටයුතු කළ, දෙවතාවක්ම ඒවායේ ලේකම්වරයා ලෙසින්ද කටයුතු කළ කුෂිල් ගුණසේකර මහතා කියා සිටියේ පවතින ඡන්ද ක්‍රමය වෙනස් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නයි ක්‍රීඩා අමාත්‍යවරයාට නියෝග කරන ලෙස තමන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින බවයි.
එසේ නොකිරීමට නම් මාර්තු මස 15 වැනිදා අභියාචනාධිකරණයට පැමිණ ඒ සඳහා හේතු දක්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ එහි විධායක කමිටුවටත් අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.
1996 දී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන දිනාගත් අවස්ථාවේදී පැවැතියේ ක්‍රිකට් පාලක මණ්ඩලයකි. එහෙත් පසුව පත්වූ ඇතැම් පරිපාලන නිලධාරීන් තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගැනීම සඳහා දිස්ත්‍රික් සහ පළාත් වශයෙන් විවිධ සංගම් ඇතිකරමින් නිලවරණයකදී ප්‍රකාශ කෙරෙන ඡන්ද සංඛ්‍යාව 147 ක් දක්වා ඉහළ දැමූහ.
දැනට පවතින ව්‍යවස්ථාව අනුව පළාත් ක්‍රිකට් සංගම් 4 ක්, අනුබද්ධ සංගම් 6ක්, දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 23 ක්, පාලක ක්‍රීඩා සමාජ 29 ක් තිබේ. මේ සෑම ඒකකයකටම නිලවරණයේදී ඡන්ද 2 ක් හිමිවන බැවින් ඒවායේ ඡන්ද වල එකතුව 124 කි. ඊට අමතරව නිලවරණයේදී ඡන්දයක් බැගින් හිමිවන අනුබද්ධිත ක්‍රීඩා සමාජ 23 කි. එකතුව ඡන්ද 147 කි. මෙම ඡන්ද සංඛ්‍යාවෙන් බහුතරය දිනාගැනීම සඳහා තමන්ගේ පැත්තට නම්මාගත යුත්තේ සංගම් සහ ක්‍රීඩා සමාජ 40 කට ආසන්න සංඛ්‍යාවකි.
අනෙක් අතට මිලියන 22 ක ජනගහණයක් වෙසෙන ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 24 කි. එහෙත් මිලියන 25 ක ජනගහණයක් සිටින ඕස්ටේ්‍රලියාවේත් (පළමු පෙළ කණ්ඩායම් 6 යි - ෂෙෆීල්ඩ් පළිහ තරගාවලිය), මිලියන 56 ක ජයගහණයක් සිටින එංගලන්තයේත් (පළමු පෙළ කණ්ඩායම් 18 යි - බොබ් විලිස් කුසලාන තරගාවලිය), මිලියන 1200 ක ජනගහණයක් සිටින ඉන්දියාවේත් (පළමු පෙළ කණ්ඩායම් 38 යි - රංජි කුසලාන තරගාවලිය) ප්‍රමාණාත්මකව අඩු බවත් අභියාචනාධිකරණය හමුවට ගිය අය පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් පද්ධතිය ඉතාම දුර්වල මට්ටමක පවතින්නේ එහි ක්‍රීඩා කරන කණ්ඩායම් සංඛ්‍යාව ප්‍රමාණාත්මකව වැඩිවීම හේතුවෙනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ව්‍යවස්ථාවේ ව්‍යූහය අනුව වෘත්තීමය ස්වභාවයක් දක්නට නොලැබෙන බවත්, ක්‍රිකට් ආයතනයේ විවිධ කමිටු නියෝජනය කරන්නන් තම තමන්ගේ ක්‍රීඩා සමාජයට හෝ පළාත් නැතහොත් දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට පක්‍ෂග්‍රාහීව කටයුතු කරන බවත් ඔව්හු අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පිටු 8 කින් සමන්විත ලියවිල්ලකින් කියා සිටිති.
“ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත සංශෝධනය කිරීම හෝ වෙනත් පොදු විසඳුම්වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ප්‍රමිතීන් වැඩි දියුණු කළ නොහැක...”
“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යනු රටේ වෙනත් කිසිදු ක්‍රීඩාවකට සමකළ නොහැකි, ඩොලර් මිලියන ගණනක ව්‍යාපාරයකි. ලෝක කුසලාන දෙකක් දිනාගත්, රටේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්ය. දස්කම් දැක්වීම, අතිවිශාල ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාව නැතහොත් වාණිජමය ආකර්ෂණය තුළින් ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ක්‍රීඩාවක් ක්‍රිකට් ක්‍රීඩාව ආසන්නයේ වත් නොමැත.
එබැවින්, ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂ සැලකිල්ලක් ලැබිය යුතු බව මුළුමනින්ම යුක්ති සහගතය”
“හදිසියේම, එහි පාලනයට ස්වාධීනත්වය, අවංකත්වය, විනිවිදභාවය සහ වගවීම යන ඉහළ ප්‍රමිතීන් එන්නත්කළ යුතුව තිබේ” යයි අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ලියවිලේ සඳහන් වෙයි.
“මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ අධිකරණය මැදිහත් වීමෙන්, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අවශ්‍යතාත් සාක්ෂාත් වන පරිදි, නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ප්‍රවීණයන්ගෙන් සමන්විත ස්වාධීන කොමිසමක් පත්කරන ලෙස, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ නම් අපි බොහෝ කැමැත්තෙන් සිටිමු. එසේම එම නව ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ පනතක් මගින් සම්මතකරවා ගැනීම මගින්, අගතිගාමී අදහස් ඇති අයගේ අවශ්‍යතා අනුව එහි (ව්‍යවස්ථාවේ) අන්තර්ගතය වෙනස්කර ගැනීමට බුරුළක් නොලැබෙනු ඇත” යයිද එම ලියවිල්ලේ සඳහන් වේ.
ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගිය ක්‍රිකට් ප්‍රවීණයෝ
සිදත් වෙත්තමුණි, මයිකල් තිසේරා, මුත්තයියා මුරලිදරන්, ආනා පුංචිහේවා, රියන්සි විජේතිලක, එස්. ස්කන්ධකුමාර්, විජය මලලසේකර, කුෂිල් ගුණසේකර, ආචාර්ය පාලිත කොහොන, තිලාන් විජේසිංහ, විශ්‍රාමික විනිසුරු ෂලීම් මර්සූෆ් සහ ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් යන මහත්වරු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.