Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරීන් පස් දෙනකුගේ කමිටුවක් අද (2 වැනිදා) පත්කරනු ලැබිණ.
ක‍්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් පවතින බලතල යොදා ගනිමින් මෙම පංච පුද්ගල කමිටුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා විසින් පත්කරන ලදි.
ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය, සුජීව මුදලිගේ, උචිත වික‍්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙරවාරි මස 20 වැනිදා අවසන් වූ බවත් මීළඟ ක‍්‍රිකට් නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක‍්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කළ යුතු බවත් කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා සහ ලේකම්වරයා විසින් ක්‍රීඩා අමාත්‍යංශයට විරෝධතාවක් ගොනුකර තිබිණ. පසුව මෙම විරෝධතාව වැඩිදුර උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යවන ලදි.
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් වූයේ වත්මන් නිලධාරීන්ගේ පාලන කාලය පෙබරවාරි මස 20 වැනිදා අවසන් වූ බැවින් මීළඟ නිලවරණය දක්වා කළමණාකරණ කමිටුවක් පත්කරන ලෙසයි.
ලබන මැයි මස 20 වැනිදා ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ දැනට පවතින ව්‍යවස්ථාව වෙනස් කරමින්, නිලවරණය පැත්වීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමයක් හඳුන්වාදෙන ලෙසත් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ හිටපු නිලධාරීන් මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ 12 දෙනෙක් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.