Last Update  :  2026-05-02 17:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලි දෙකක් ළඟ ළඟම

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලි දෙකක් ළඟ ළඟම

editorial - 2026 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන ඉසව් පහකින් සමන්විත කොළඹ (ජාත්‍යන්තර) මැරතන් තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේ යොදා ගත් දිනයකදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සංචාරක කේන්ද්‍රස්ථානයක් කරමින් මෙරට සංචාරක කර්මාන්‍තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එය පළමු වරට සංවිධානය කරන බව  ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී  තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවැසුවේ මෙම මැරතන් ඉසව්ව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ලෝක සිතියම තුළ ප්‍රමුඛස්ථානයකට රැගෙන ඒමේ අරමුණින් සංවිධානය කෙරෙන බවයි.

දේශීය හා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000 කට වැඩි පිරිසක් සහභාගී කරමින්   මෙම තරගාවලියට සහභාගි කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

පූර්ණ මැරතන් (කිලෝමීටර 42.195), තරගය හැරුණුවිට අර්ධ මැරතන් (කිලෝමීටර 21.097) ,කිලෝමීටර 10, විනෝදයට ධාවනය කෙරෙන කිලෝමීටර 5 සහ දරුවන් සඳහා (කිලෝමීටර එකත් දෙකත් අතර) වන ධාවනය යන ඉසව් යටතේ කොළඹ මැරතන් තරගාවලිය ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරයි.

මෙහි තාක්ෂණික කටයුතු හා ඉසව් මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිර්දේශ ලත් විනිසුරුවන් හා තීරකවරුන් 100 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සහභාගි වේ.

කෙසේවූවත් මෙම වසරට (2026) නියමිත එල්.එස්.ආර්.කොළඹ (ජාත්‍යන්තර) මැරතන් තරගාවලිය ද ලබන ඔක්තෝබර් 4 වැනිදා පැවැත්වීමට නියමිතය.මේ හා සමානම ඉසව් රැසකින් සමන්විත එම මැරතන් ඉසව්ව වාර්ෂික අන්තර් ජාතික මැරතන් දින දසුනට නිර්දේශ කළ ඉසව්වකි.  

   1998 සිට ලංකා ස්පෝට්ස් රයිසින් ආයතනය විසින් පවත්වා ගෙන යන එල්.එස්.ආර්.මැරතන් තරගාවලියේ ගිය වර (2025 ) පූර්ණ මැරතන් (පිරිමි) තරගය ජය ගත්තේ ඇමෙරිකානු ඩොලර් 2500 ක මුදල් ත්‍යාගයක් සමග කෙන්යා ජාතික ඒලියස් නයාගා මුතෝනි (පැය 2 විනාඩි 25.තත්පර 35) විසිනි.

     කෙසේවූවත් ශ්‍රී ලංකාවේදී ආසන්නයේදීම එකම නමින් ජාත්‍යන්තර මැරතන් තරගාවලි දෙකක් පැවැත්වීම අවධානය දිනා ගත්තකි. කෙසේවූවත් පූර්ණ මැරතන් තරගයකට සහභාගිවීමෙන් පසුව ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ඊළගට ආසන්නයේදීම යෙදෙන මැරතන් තරගයකට සහභාගිවීම සදහා වෛද්‍ය උපදෙස් ලැබෙන්නේ අවම මාස තුනක් ඉක්මයාමෙන් පසුවය.

ලංකා ස්පෝට්ස් රයිසින් ආයතනයේ ප්‍රකාශකයකු ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ තවත් මැරතන් තරගයකට සහභාගි වීමේ අවස්ථාව සතුටට කරුණක් වන බවත් එහෙත් ඉහත කාරණාව තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පසුව ආසන්නයේදීම පැවැත්වෙන ඊළග මැරතන් තරගයට සහභාගිවීමේ ගැටලුවක් පැන නැගිය හැකි බවයි.

එහි කාන්තා ඉසව්වත් කෙන්යානු ක්‍රීඩිකාවක් විසින්ම දිනා ගැනීමට සමත් වූවාය.ඇය කැරොලීන් චෙරෝනෝය.(පැය 2 විනාඩි 58.තත්පර 09) එල්. එස්.ආර්.කොළඹ මැරතන් තරගාවලිය 1998 දී ආරම්භවීමෙන් පසුව විටින් විට වසර කීපයක් පැවැත්වීමට නොහැකි විය.


අදහස් (0)

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලි දෙකක් ළඟ ළඟම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.