Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (05 වැනිදා) බ්‍රිස්බේන්හිදී පැවැති පළමු වැනි එක්දින තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ලකුණු 157 ක දැවැන්ත ජයක් අත්කර ගත්හ. තරග 3 කින් සමන්විත තරගාවලියේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටිති.
බ්‍රිස්බේන්හි ඇලන් බෝඩර් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මෙග් ලැනින් සිය 14 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තාය.
ආරම්භක පිතිකාරිනිය, ඇලිසා හීලි ලකුණු 8 කට දවාගැනීමට අචිනි කෞෂල්‍යා සමත් වූවාය. එහෙත් රෂෙල් හේන්ස්ට (56) පළපුරුදු ක්‍රීඩිකා මෙග් ලැනින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අසරණ කරමිනි. රෂෙල් පන්දු 76 කදී ලබාගත් ලකුණු 56 ට හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වූවද වැඩි දෙනාගේ අවධානය දිනාගත්තේ මෙග් ලැනින්ගේ අලංකාර පිතිහරඹයයි.
පන්දු 66 කට මුහුණ දෙමින් ලකුණු 73 ක් ලබාගත් මෙම දකුණත් පිතිකාරිණිය හතරේ පහර 12 කින් සිය ඉනිම අලංකාර කළාය. පසුව පැමිණි බෙත් මූනි පන්දු 68 කින් ලකුණු 66 ක් ලබාගත්තේ හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.
ලකුණු 282 ක අසීරු ඉලක්කයක් හඹා යාමට සිදුවූ ශ්‍රී ලංකා පිලට ලැබුණේ භයංකාර ආරම්භයකි.
මුහුණ දුන් පළමු පන්දුවේදීම ආරම්භක පිතිකාරිනි අනුෂ්කා සංජීවනී දැවී ගියාය. හර්ෂිතා මාධවී සහ චමරි අතපත්තු එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගියද මුලු ලකුණු සංඛ්‍යාව 46 දී චමරි අතපත්තු ගැසූ රිවර්ස් ස්වීප් පහරකින් ෂෝට් ස්ක්වෙයාර් ලෙග්හි සිටි බෙත් මූනිට උඩපන්දුවක් ලැබිණ.
එතැන් සිට ශ්‍රී ලංකා පිලේ ගමන අඩාල වූයේ පළපුරුදු ක්‍රීඩිකාවන් වූ එලිස් පෙරී සහ මීගන් ෂූට් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හිරකර තබාගත් හෙයිනි. අවසන් පිතිකාරිණිය වශයෙන් ඉනෝකා රණවීර දැවී යද්දී ලකුණු පුවරුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ සටහන් වී තිබුණේ 124 ක් පමණි.
ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 281 යි
රෂෙල් හේන්ස් 56, මෙග් ලැනින් 73, එලිස් පෙරී 19, බෙත් මූනි 66, නිකොලා කේරි 19, ජෝර්ජියා වර්හැම් නොදැවී 19, උදේශිකා ප්‍රබෝධනී 46/2, ඕෂධී රණසිංහ 67/2)
ශ්‍රී ලංකාව - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 124
(චමරි අතපත්තු 13, හර්ෂිතා මාධවී 22, හංසිමා කරුණාරත්න 17, ඩිලානි මනෝදර 14, ශෂිකලා සිරිවර්ධන 30, ටයිලා ව්ලැමෙනික් 14/2, ජෙස් ජොනසන් 17/2, ඇෂ්ලි ගාඩිනර් 09/2)
ඡායාරූප - ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අනුග්රහයෙනි
වීඩියෝව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අනුග්රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.