Last Update  :  2025-11-11 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උසස් දස්කම් ප්‍රවර්ධන සංචිතයේ ක්‍රීඩකයකුට 30,000 ක දීමනාවක්

උසස් දස්කම් ප්‍රවර්ධන සංචිතයේ ක්‍රීඩකයකුට 30,000 ක දීමනාවක්

නාමල් පතිරගේ - 2021 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වසර 2022 දී ආසියානු ක්‍රීඩා හා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පදක්කම් අපේක්ෂාවෙන් ඉහළ කාර්යසාධන කමිටුව ස්ථාපිත කළ ඉහළ දක්ෂතා පුහුණු සංචිතයට ඇතුළත් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මාසිකව රුපියල් ලක්ෂයක් බැගින් වියදම් දරයි. එහිදී සංචිතගත ක්‍රීඩකයෙක් වෙනුවෙන් මාසිකව රුපියල් 30000 ක් බැගින් දීමනාවක් ලබාදෙන අතර සෙසු වියදම් ඔවුන්ට ඉහළ පහසුකම් ලබාදීමට වෙන්කෙරේ.

මහේල ජයවර්ධන මහතා සහභාගිත්වය දරන ජාතික ක්‍රීඩා සභාවේ සැලැස්මකට අනුව මෙම ඉහළ දක්ෂතා ප්‍රවර්ධන සංචිතය ක්‍රියාත්මක කෙරේ.

එහි ප්‍රධානතම ඉලක්කය වන්නේ වසර 2022 ට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේදී සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාව නියත වශයෙන්ම පදක්කම් කීපයක් දිනාගැනීමය. එහිදී ක්‍රීඩකයන් තවදුරටත් දිරිගැන්වීම සඳහා ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගන්නා ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් කෝටියක් ද එය පොදුරද මඩුලු ලෝකඩ පදක්කමක් වන්නේ නම් රුපියල් මිලියන පහක් බැගින් ද වන පරිදි තිලිණ කිරීමට කටයුතු කෙරේ. එකී අන්තර්ජාතික ක්‍රීඩා උළෙලවල දී ශ්‍රී ලාංකිකයෙකුගේ ජයග්‍රහණයක් රන් පදක්කමක් වේ නම් එවිට රුපියල් කෝටි තුනේ සිට ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

මලල ක්‍රීඩාවෙන් 21 දෙනකුද, බර ඉසිලීම ඉසව්වෙන් 13 දෙනකුද, බොක්සිං ඉසව්වෙන් පස්දෙනකුද පිහිනුම් හා ජූඩෝ යන ඉසව් වෙතින් එක් ක්‍රීඩකයෙකු බැගින්ද එහි පළමු අදියර යටතේ උසස් දස්කම් ප්‍රවර්ධන සංචිතයට ජාතික ක්‍රීඩා සභාව නිර්දේශ කර තිබේ. ඉදිරියේ දී බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් උසස් දක්ෂතා සංචිතයට නිර්දේශ කර ගැනීමට නියමිතය.

කත්මන්ඩු නුවර දී 2019 දෙසැම්බර් මාසයේ දී පැවති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලියේ දී රන් පදක්කම් හතක් දිනාගනිමින් වාර්තාවක් පිහිටුවූ ශ්‍රී ලාංකික ක්‍රීඩක මැතිව් අබේසිංහ පිහිනුම් ක්‍රීඩාවෙන් උසස් දක්ෂතා සංචිතයට මෙතෙක් නිර්දේශ වී සිටින එකම ක්‍රීඩකයායි.  එහිදී එකම ජූඩෝ රන් පදක්කම දිනාගත් ශ්‍රී ලාංකිකයා වන චාමර ධර්මවර්ධන ඊට නිර්දේශ වූ එකම ජූඩෝ ක්‍රීඩකයායි. කෙසේ වුවත් උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා විමර්ශනය යාවත්කාලීන කෙරේ. එහි අරමුණ ප්‍රගතිය නොපෙන්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමය.

මෙම සංචිතගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කෙරෙන පෞද්ගලික පුහුණුකරුවන් සඳහා ද මාසික දීමනා ලබාදේ. උසස් දක්ෂතා සංචිතයේ සිටින ලබන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රධාන පුහුණුකරුවන් ලෙස ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න, ප්‍රවීනතම මලල ක්‍රීඩා පුහුණුකරුවන් වන සුනිල් ගුණවර්ධන හා සජිත් ජයලාල් යන මහත්වරු පත්කර තිබේ.

උසස් දස්කම් ප්‍රවර්ධන සංචිතය
මලල ක්‍රීඩා
යුපුන් අබේකෝන්, හිමාෂ ඒෂාන්, චානුක සංදීප, විනෝද් සිල්වා, චමෝද් යෝධසිංහ, ඒ.එස්.එම්. සෆාන්, කාලිංග කුමාරගේ, රජත රාජකරුණා, අරුණ දර්ශන, ඉසුරු ලක්ෂාන්, එල්. කොඩිකාර, දිල්ෂි කුමාරසිංහ, ගයන්තිකා අබේරත්න, නිමාලි ලියනආරච්චි, නිලානි රත්නායක, සුමේධ රණසිංහ, ග්‍රේෂන් ධනංජය, සාරංගි සිල්වා, නදීෂාන් රාමනායක, හිරුණි විජේරත්න සහ අමාෂා ද සිල්වා.

බර ඉසිලීම
වයි.ඩී.අයි. කුමාර, ජේ.ඒ.සී. ලක්මාල්, ඩී.කේ.ටී.ඩබ්ලිව්.කේ. පලගසිංහ, ඩී.අයි.එම්.සී. දිසානායක, සුදේෂ් පීරිස්, චින්තක විදානගේ, එස්.එම්. පීටර්ස්, ඒ.ජී.එස්. අබේවික්‍රම, චාරුක විදානපතිරණ, බී.ඩී.එච්. ගෝමස්, සී.ඩබ්. වර්ණකුලසූරිය, බී.සී. ප්‍රියන්ති, එච්.ඩබ්ලිව්.ටී.එන්.බී. හපුතැන්ත

බොක්සිං
නදීකා පුෂ්පකුමාරි, කේෂානි හන්සිකා, ලක්සිඳු එරන්ද, එම්.වී.අයි.ආර්.එස්. බණ්ඩාර, විමුක්ති කුමාර

පිහිනුම්
මැතිව් අබේසිංහ

ජූඩෝ
ආර්.සී.එන්. ධර්මවර්ධන

(පැරා ක්‍රීඩා - විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩකයන්ගේ කාණ්ඩය)
මේසපන්දු
දිනේෂ් හේරත්, දිනේෂ් දේශප්‍රිය

මලල ක්‍රීඩා
බුද්ධික ඉන්ද්‍රපාල, ගාමිණී ඒකනායක, සම්පත් හෙට්ටිආරච්චි, සමිත කොඩිතුවක්කු, සමන් සුබසිංහ, නුවන් ඉන්දික, පාලිත බණ්ඩාර, ඉන්දුමතී කරුණාතිලක, කුමුදු ප්‍රියන්කා, සම්පත් බණ්ඩාර

රුවල් ඔරු
ජේ.ඒ.එම්.පී. ජයකොඩි, සමිතා සමන්මලී

රෝදපුටු ටෙනිස්
සුරේෂ් ධර්මසේන

 


අදහස් (0)

උසස් දස්කම් ප්‍රවර්ධන සංචිතයේ ක්‍රීඩකයකුට 30,000 ක දීමනාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.