Last Update  :  2026-02-06 18:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඊවා දැල්පන්දු කුසලාන ගුවන් හමුදාවට

ඊවා දැල්පන්දු කුසලාන ගුවන් හමුදාවට

editorial - 2026 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

කණ්ඩායම් 217 කගේ සහභාගිත්වයෙන් කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති ඊවා කුසලාන සමස්ත ලංකා වාර්ෂික (විවෘත) දැල්පන්දු (නෙට්බෝල්) තරග මාලාවේ (2025) ඒ කාණ්ඩයේ ශූරතාව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී.එහි අවසන් මහ තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ලකුණු 41 - 37 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරාජය කළහ.

බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය තරග මාලාව සංවිධානය කළ අතර ඊවා සන්නාමය යටතේ අයි.සී.එල්. බ්‍රෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මෙවරත් ඊට අනුග්‍රහය දැක්වීය.පිරිමි කාණ්ඩයේ ශූරතාව කෑගල්ල ලයන්ස් ක්‍රීඩා සමාජය දිනාගත් අතර තරගමාලාවට පාසල් කාණ්ඩ​ෙයන් ඉදිරිපත් වූ කුරුණෑගල මලියදේව බාලිකා විදුහල ශූරතා දෙකක් දිනා ගනිමින් ඉහළ දක්ෂතා දැක්වීය.

කොළඹ මියුසියස් විදුහල සමග පැවැති තියුණු අවසන් මහ තරගයකින් පසුව එක ලකුණකින් වයස 15 න් පහළ ශූරතාව දිනා ගැනීමට මහනුවර හිල්වුඩ් විදුහල් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙවර තරගමාලාවේ දැල්පන්දු රැජින ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ රෂ්මි පෙරේරාත්, දැල්පන්දු රජු ලෙස කෑගල්ල යුනයිටඩ් කණ්ඩායමේ අදීෂ උතුම්ද ශූරතා සම්මාන ලැබූහ.

 

ඊවා කුසලාන දැල්පන්දු තරග මාලාවේ (2025) අවසන් මහ තරග ප්‍රතිපල

ඒ කාණ්ඩය : - ගුවන් හමුදා කණ්ඩායම විසින් යුද හමුදා කණ්ඩායම පරාජය කරන ලදී (41 - 37)

දක්ෂතම ක්‍රීඩිකාව : - තිසාලා අල්ගම (යුද හමුදා)

ඒ කාණ්ඩය (පිරිමි) : - කෑගල්ල ලයන්ස් කණ්ඩායම විසින් මීගමුව යුනයිටඩ් කණ්ඩායම පරාජය කරන  ලදී (20 - 18)

දක්ෂතම ක්‍රීඩිකාව : - විශ්ව දර්ශන (යුනයිටඩ්)

බී කාණ්ඩය : - යාපනය නොදර්න් ස්ටාර් කණ්ඩායම විසින් කොතලාවල ආරක්ෂක ඇකඩැමි කණ්ඩායම පරාජය කරන ලදී (12 - 06)

දක්ෂතම ක්‍රීඩිකාව : - අමුතිනී අමිර්තලිංගම් (නොදර්න්)

ප්‍රවීනියන්ගේ කාණ්ඩය  : - ට්‍රැක් මාස්ටර්ස් කණ්ඩායම ව්සින් වරාය අධිකාරී කණ්ඩායම පරාජය කරන ලදී. (10 - 09)

දක්ෂතම ක්‍රීඩිකාව : - ලක්මිණී ගුණසේකර ( ට්‍රැක් මාස්ටර්ස්)

(පාසල් කාණ්ඩ)

වයස 19 න් පහළ : - කුරුණෑගල මලියදේව බාලිකා විදුහල විසින් කොළඹ විශාඛා ව්දුහල පරාජය කරන ලදී. (27 -14)

දක්ෂතම ක්‍රීඩිකාව : - තුමල්කා ඒකනායක (මලියදේව බාලිකා)

වයස 17 න් පහළ : - කුරුණෑගල මලියදේව බාලිකා විදුහල විසින් මහනුවර හිල්වුඩ් විදුහල පරාජය කරන ලදී (16 -03)

දක්ෂතම ක්‍රීඩිකාව : - චෙනුමි ද සිල්වා  (මලියදේව බාලිකා)

වයස 15 න් පහළ : - මහනුවර හිල්වුඩ් විදුහල විසින් කොළඹ මියුසියස් විදුහල පරාජය කරන ලදී (10 - 09)

දැල්පන්දු රජු : - අදීශ උතුම් (කෑගල්ල ලයන්ස්)

දැල්පන්දු රැජින : - රෂ්මී පෙරේරා (ගුවන් හමුදාව)


අදහස් (0)

ඊවා දැල්පන්දු කුසලාන ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.