Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 7 කින් ශ්‍රී ලංකා පිල පරාජය කරති

ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 7 කින් ශ්‍රී ලංකා පිල පරාජය කරති

editorial - 2020 පෙබ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන හත්වැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර මෙල්බර්න්හිදී අද (29) පැවැති තරගයෙන් ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු හතක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග තුනම පරාජයට පත්විය.

ඉන්දීය පිල පළමු වටයේ තරග හතරම ජය ලබා ‘ඒ’ කාණ්ඩයේ එකම අපරාජිත කණ්ඩායම ලෙස අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය.  

ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 114 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 14.4 කදී කඩුලු තුනක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

ආරම්භක පිතිකාරී ශාෆායි වර්මා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 34 කදී හතරේ පහර හතක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් රැස්කිරීමට සමත් වූවාය.

උදේෂිකා ප්‍රබෝදනී සහ ශෂිකලා සිරිවර්ධන කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.

චමරි අතපත්තු පන්දු 24 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් ලකුණු 33 ක් රැස්කරමින් හොඳ ආරම්භයක් ලබාදුන්න ද සෙසු පිතිකාරියන් අසාර්ථක වීමෙන් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට නොහැකි විය.

කවිෂ්කා දිල්හාරි පන්දු 16 කදී හතරේ පහර දෙකක් සමගින් නොදැවී රැස්කළ ලකුණු 25 න් ශ්‍රී ලංකා පිලට ලකුණු 113 ක් දක්වා ඒමට මඟ පෑදුණි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිතිකාරියන් ලැයිස්තුව වෙනස් කරමින් පෙර තරගවලදී ආරම්භක පිතිකාරිය ලෙස ක්‍රීඩා කළ හසිනි පෙරේරා අංක 5 ස්ථානයේ පන්දුවට පහර දුන්නාය. ආරම්භක පිතිකාරි ස්ථානයට උමේෂා තිමාෂනී කැඳවා තිබුණි.  

රාධා යදව් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 23 කට කඩුලු හතරක් දවාගැනීමට සමත් වූවාය.

ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වන පළමු වටයේ අවසන් තරගය ලබන 2 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වේ.  



-048


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 7 කින් ශ්‍රී ලංකා පිල පරාජය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.