Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇෆ්ඝනිස්තානයත් එනවා මයි

ඇෆ්ඝනිස්තානයත් එනවා මයි

editorial - 2021 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇෆ්ඝනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය අත්පත් කර ගැනීම හේතුවෙන් ඇෆ්ඝනිස්තානු කි‍්‍රකට් කණ්ඩායමේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්වූ නමුත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ඇෆ්ගනිස්ථානය සහභාගී වීම ගැන සැකයක් නැති බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා පවසයි.

”ඔවුන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පූර්ණ සාමාජිකයන්. ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ වන විට තරගාවලියට සහභාගිවීම සඳහා සූදානම් වෙමින් සිටිනවා. ඔවුන් ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරනවා” යයි ද ජෙෆ් ඇලර්ඩිස් මහතා පැවසීය.

”ඔවුන් තරගයකට සහභාගී වන ආකාරයට එය සාමාන්‍ය සිදුවීමක් වේවි” යයිද අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා පැවසීය.

මේ අතර  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි මහතා කීවේ  ඕස්ටේ‍්‍රලියාව සහ ඇෆ්ඝනිස්තානය අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය ජනවාරිය දක්වා කල්දමන බවයි. තලේබාන් පාලනය නිසා ඇෆ්ඝනිස්ථානු කි‍්‍රකට් කී‍්‍රඩාවට ඇතිවිය හැකි බලපෑම වඩාත් පැහැදිළි ස්ථාවරයකට එන තුරු ටෙස්ට් තරගය කල්දමන බවද හෙතෙම පැවසීය.

 ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනය පසුගිය මාසයේදී කියා සිටියේ තලේබාන් පාලනය විසින් කාන්තාවන්ට කී‍්‍රඩා සඳහා සහභාගි වීමට අවසර දෙනු නොලබන්නේ නම්, මෙම ටෙස්ට් තරගය අවලංගු කරන බවයි. ඇෆ්ඝනිස්ථානය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 27 වැනිදා හොබාර්ට් නගරයේදී ආරම්භ වීමට නියමිතව තිබිණ.

ඇෆ්ඝනිස්තානය මේ වන විට ටෙස්ට් තරග 6 කින් 3 ක්ද, එක්දින තරග 129 කින් 62 ක්ද, විස්සයි-20 අන්තර්ජාතික තරග 84 කින් 58 ක්ද ජයගෙන තිබේ. වර්තමාන විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ඇෆ්ඝනිස්තානය 8 වැනි ස්ථානයේ පසුවන අතර බටහිර ඉන්දීය කොදෙව් පිලට සහ ශී‍්‍ර ලංකාවට වඩා ඉහළින් සිටී.

”අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේදී පාලනය වෙනස් වූ විට අපි ඇෆ්ගනිස්ථාන ක‍්‍රිකට් මණ්ඩලය සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වූවා”

”අපගේ මූලික කාර්යය වන්නේ සාමාජික ක‍්‍රිකට් ආයතන සමග එක්ව ඇෆ්ඝනිස්තානු ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුවට සහයෝගය දැක්වීමයි. අපි සැම විටම පැවසුවේ රටේ විවිධ පාලන තන්ත‍්‍රයන් යටතේ සිදුවන දේවල් කෙසේ වෙනවා දැයිි අපි බලා සිටින බවයි” යයි ද ජෙෆ් ඇලර්ඩිස් මහතා පැවසීය.

”විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අවසානයේ පැවැත්වෙන ඊළඟ රැුස්වීමේදී අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අධ්‍යක්‍ෂක මණ්ඩලය එය සලකා බලාවි” යයිද ඇලර්ඩිස් මහතා පැවසීය.

 

ජෙෆ් ඇලර්ඩිස් මහතා

- 2079

 


අදහස් (0)

ඇෆ්ඝනිස්තානයත් එනවා මයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.