Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආරක්ෂක සේවා බේස්බෝල් ශූරතාව ගුවන් හමුදාවට

ආරක්ෂක සේවා බේස්බෝල් ශූරතාව ගුවන් හමුදාවට

editorial - 2025 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරක්ෂක සේවා ක්‍රිඩා සභාව විසින් 13 වැනි වරටත් සංවිධානය කරන ලද  ආරක්ෂක සේවා ක්‍රිඩා තරඟාවලියේ බේස්බෝල් ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය. මෙම තරගාවලිය පසුගියදා දියගම ජපන් ශ්‍රි ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රිඩා පිටියේදී පැවැත්විණ. 

මෙම තරඟාවලියේ අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බේස්බෝල් කණ්ඩායම විසින් ලකුණු  4-2 ලෙස  ශ්‍රී ලංකා යුද හමුදාව පාරාජය කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂක සේවා බේස්බෝල් ශුරතාවය දිනා ගත්තේය. 

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය ගුවන් හමුදාවේ ‌කෝප්‍රල් සමීර සදරුවන් විසින්ද දක්ෂතම පන්දු යවන්නා ලෙස ගුවන් හමුදාවේ නායක ගුවන් භට සන්දීශ මීගොඩ විසින්ද දක්ෂතම පිතිකරුවාට හිමි සම්මානය කොප්‍රල් චින්තක ඉදුනිල් විසින් ද දිනාගන්නා ලදහ‍

මෙම තරගාවලියේ ත්‍යාඟ සහ සහතිකපත් ප‍්‍රදානෝත්සවයේ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවා අධ්‍යක්ෂ ‌ජනරාල් රියර් අද්මිරාල් ජී. එස්. ඩී. වීරසූරිය මහතා සහභාගි වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා බේස් බෝල් සංචිතයේ සභාපති ගුවන් කොමදෝරු චන්දිමාල් හෙට්ට්ආරච්චි, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් කේ. ඒ. ඩී. ආර්. සී. කන්නන්ගර  ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සෙසු නිලයෝ සහභාගී වූහ. 


අදහස් (0)

ආරක්ෂක සේවා බේස්බෝල් ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.