
නවදිල්ලියේදී අද (13 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ආරම්භක පිතිකරු ආර්යන්ශ් ෂර්මාගේ ස්ථාවර පිතිහරඹය හේතුවෙන් කැනඩාව පරාජය කරමින් කඩුලු 5 ක තියුණු ජයක් අත්කරගැනීමට එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයෝ සමත් වූහ.
එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් ඕවර 2 න් ලකුණු 26 ක් අවශ්‍යව තිබිණ. 19 වැනි ඕවරයේදී ලකුණු 18 ක් ලබාගත් ඔව්හු, ඉලක්කය අවසන් පන්දු 6 න් ලකුණු 8 ක් ලෙෂ වෙනස්කර ගත්හ. අවසන් ඕවරයේ පළමු පන්දුවටම මිඩ් විකට් කලාපයට ඉහළින් අලංකාර හයේ පහරක් ගැසූ ෂර්මා, තමන් වෙත තිබූ පීඩනය ඉවත්කර ගත්තේය. ජය පෙනි පෙනී තිබියදී සොහෙයිබ් ඛාන් දැවී ගියත් ජයග්‍රහණයට එයින් සිදුවූ බලපෑමක් නැත.
පළමුවෙන් පන්දුවට පහර දුන් කැනේඩියානු කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 150 ක් ලබාගත්තේය. එක්සත් අරාබි එමීර් කණ්ඩායම ඕවර 19.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 154 ක් ලබාගත්තේය. අරාබි කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 66 කට බිඳ වැටුණු නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ආර්යන්ශ් ෂර්මා සහ සොහෙයිබ් ඛාන් ආරාබි කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
කැනඩාව - ඕවර 20 කදී කඩුලු 7 ට 150 යි
(දිල්ප්‍රීත් බජ්වා 11, නව්නීත් දලිවාල් 34, හර්ෂ් තකේර් 5-0, ශ්‍රෙයාස් මෝවා 21, ජුනයිඩ් සිද්දීක් 35/5)
එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඕවර 19.4 කදී කඩුලු 5 ට 151 යි
(ආර්යන්ශ් ෂර්මා නොදැවී 74, සොහෙයිබ් ඛාන් 51, සාද් බින් සෆාර් 14/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.