Last Update  :  2024-09-18 11:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩකයන් පෙරට යද්දී ක්‍රීඩිකාවෝ පසු බසිති

ක්‍රීඩකයන් පෙරට යද්දී ක්‍රීඩිකාවෝ පසු බසිති

editorial - 2024 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

පැරිස් ඔලිම්පික් උළෙලේ මේසපන්දු ඉසව්වට දකුණු ආසියානු කළාපයේ සුදුස්සන් තේරීම සඳහා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පිරිමි මූලික වටයේදී ද්විත්ව ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ චමීර ගිණිගේ සහ ප්‍රසාද් සිල්වා සමත් වූහ. 

පිරිමි ඉසව්වේ මූලික වටයේ තරග කොටස් දෙකක් යටතේ පැවැති අතර ඉන් පළමු කොටස යටතේ තරග වැදුණු ප්‍රසාද්, එහිදී බංග්ලාදේශයේ බවම් රම්හිම්ලියන් තරග වට 4-2 ක් ලෙසද, මාලදිවයිනේ අකේර් අහමඩඞ් තරග වට 4-2 ක් ලෙසද පරාජය කළේය. 

දෙවැනි කොටස යටතේ තරගාවලියට එක්වූ චමීර, එහිදී බංග්ලාදේශයේ රිඩෝයි මොහුස්ටසින් තරග වට 4-1 ක් ලෙසද, මාදිවයිනේ අහමඞ් මූසා තරග වට 4-3 ක් ලෙසද පරාජය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.

හෙට (14 වැනිදා) පැවැත්වෙන මූලික වටයේ තරගවලදී ප්‍රසාද් නේපාලයේ ශ්‍රේස්තා සන්ටෝට එරෙහිවත්, චමීර නේපාලයේ කපාලි සැන්යොන්ට එරෙහිවත් තරග බිමට පිවිසීමට නියමිතය. එහිදී ඔවුන් ලබන ජයග්‍රහණ සහ පරාජයන් අනුව අවසන් පූර්ව වටයේදී ඔවුන්ට හිමිවන ස්ථාන තීරණය වනු ඇත. 

මේ අතර අද පැවැති කාන්තා මූලික වටයේ තරගවලට සහභාගි වූ ඉෂාරා මධුරංගි තරගයක් ජයගනිමින් තරගයක් පරාජයට පත්වූ අතර බිමන්දි බණ්ඩාර සහභාගි වූ එකම තරගය පරාජයට පත්වූවාය. හෙට දිනයේදී ඉෂාරා තවත් එක් තරගයකටද, බිමන්දි තවත් තරග දෙකකටද සහභාගි වීමට නියමිතය. 

කාන්තා මූලික වටයේ පළමු කාණ්ඩය යටතේ තරග වැදුණු බිමන්දි, මාලදිවයිනේ ෆාතිමාත් අලී හමුවේ තරග වට 4-3 ක තියුණු පරාජයක් ලැබුවාය. දෙවැනි කාණ්ඩය යටතේ තරග වැදුණු ඉෂාරා, නේපාලයේ තාපා එවානා හමුවේ තරග වට 4-1 ක් ලෙස පරාජයට පත් වෙමින් බංග්ලාදේශයේ සාදියා රහමන්ට එරෙහිව තරග වට 4-0 ක පහසු ජයක් වාර්තා කළාය. 

 

 

(ඡායාරූප - නේපාල මේසපන්දු සංගමය අනුග්‍රහයෙනි)


අදහස් (0)

ක්‍රීඩකයන් පෙරට යද්දී ක්‍රීඩිකාවෝ පසු බසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.