Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ අර්ධ මැරතන් තරගය ඉරිදා

කොළඹ අර්ධ මැරතන් තරගය ඉරිදා

editorial - 2024 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් සංවිධානය කරනු ලබන ප්‍රථම ජාත්‍යන්තර අර්ධ මැරතන් තරඟය සැප්තැම්බර් 1 වැනිදා (ඉරිදා) උදෑසන 4.50 ට කොළඹ ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වෙයි. මෙම අර්ධ මැරතන් තරඟයේ අරමුණ වන්නේ ලොව පුරා සිටින මැරතන් ලෝලී සංචාරකයන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ආකර්ෂණය කර ගන්නා, ප්‍රමුඛ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩාවට පමණක් නොව, විවේකය හා විනෝදාස්වාදය සඳහාත් මනාව ගැලපෙන ස්ථානයක් බවට පත්කිරීම ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංස්කෘතික සංගමයේ අපේක්‍ෂාවයි. 

එකමුතුබව, ප්‍රජා සහයෝගය හා තිරසාර සංචාරක ව්‍යාපාරය ඒකාත්මික කළ උත්සවයක් වන මෙම ජාත්‍යන්තර අර්ධ මැරතන් තරඟය සඳහා ශ්‍රී ලංකාව, නවසීලන්තය, එක්සත් රාජධානිය, වියට්නාමය, ඉන්දියාව, චීනය, කෙන්යාව හා සිංගප්පූරුව ඇතුළු රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1400 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය. එසේම දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීමත් මෙම අර්ධ මැරතන් තරගයෙන් අපේක්‍ෂා කෙරේ. 

මෙම අර්ධ මැරතන් තරගය, ඉන්දියානු සංස්කෘතික සංගමයේ සමාජ සත්කාර අරමුදල සඳහා අරමුදල් සැපයීමේ ඉසව්වක් ද වෙයි. 

ශ්‍රී ලංකාවේ අනාථ නිවාස 367 ක් වෙත ආධාර කිරීම, ස්ව කැමැත්තෙන් අවයව පරිත්‍යාග කිරීම ප්‍රවර්ධනය කිරීම සහ අර්ධ මැරතන් තරගයට සහභාගී වන්නන්ගේ පාරිසරික දායකත්වය සංකේතවත් කිරීම වෙනුවෙන් ග්‍රාමීය පාසල්වල නා ගස් සිටුවීම වැනි ව්‍යාපෘතීන් රැසක්ද මෙම අර්ධ මැරතන් තරගයට සමගාමීව ක්‍රියාත්මක කෙරේ. 

සම්මත අර්ධ මැරතන් තරගය (කි.මී. 21.975), කිලෝ මීටර 10 ක දුරකින් යුත් ‘චැලේන්ජර්ස්’  ධාවන තරඟය සහ කිලෝ මීටර 5 ක දුරකින් යුත් පවුලේ තරගය ලෙසින් මෙම ඉසව්ව කොටස් තුනකට වෙන්කර තිබේ. සියලුම තරඟ ටාජ් සමුද්‍රා හෝටලය ඉදිරිපස ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කර එම ස්ථානයෙන්ම අවසන් කිරීමට සැලසුම් කර ඇත. කොළඹ නගරය හා එහි චිත්තාකර්ෂණීය වෙරළ තීරය සිත් සේ දැකබලා ගැනීමටද මෙම තරගයෙන් අවස්ථාව ලැබෙනු ඇත. 

සම්මත අර්ධ මැරතන් තරඟය පෙවරු 5.00 ට ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කෙරේ. ධාවකයින් කොල්ලුපිටිය මංසන්ධිය දක්වා පැමිණ, වෙරළබඩ මාර්ගය ඔස්සේ දෙහිවල දක්වා ගොස් ආපසු හැරී ධාවනයේ යෙදිය යුතුය. ආපසු පැමිණීමේදී කොල්ලුපිටියට පැමිණ රොටුන්ඩා උද්‍යානයෙන් දකුණට හැරී පෙරහැර මාවතට ගොස් කොළඹ කොටුව හරහා යෝර්ක් වීදියේ වම්පසින් ගාලු මුවදොරට ඇතුළු වීමෙන් තරගය අවසන් වෙයි. 

චැලේන්චර්ස් තරඟය පෙරවරු 5.30 ට ආරම්භ වෙයි. ගාලු මුවදොර පිටියෙන් තරඟය ආරම්භ කරන තරඟකරුවන් කොල්ලුපිටිය හන්දියෙන් වෙරළබඩ මාර්ගයට පිවිස බම්බලපිටිය දක්වා ගොස් පැල්මයිරා මාවතෙන් හැරී නැවත ගාලු මුවදොර පිටියට පිවිසීමෙන් තරඟය අවසන් වේ.

කිලෝ මීටර 5 ක දුරකින් යුත් පවුලේ තරගය පෙරවරු 6.00ට ආරම්භ කිරීමට නියමිතය. 

ගාලු මුවදොර පිටියේ සිට රොටුන්ඩා උද්‍යානය දක්වා ගොස් එතැනින් වමට හැරී නවම් මාවතට පිවිසිය යුතුය. නවම් මාවත අවසානයේ වම් පසට පිවිස ගාලු මුවදොර පිටියට පිවිසීමෙන් තරඟය අවසන් වේ.

- 213


අදහස් (0)

කොළඹ අර්ධ මැරතන් තරගය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.