Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද - ගුවන් හමුදා ශූරතා දිනයි
ජාතික බොක්සිං ශූරතාවලිය

යුද - ගුවන් හමුදා ශූරතා දිනයි

editorial - 2025 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානයෙන් කොළඹ ගාලු මුවදොර එළිමහන් පරිශ්‍රයේදී පැවති 97 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට යුද හමුදා ක්‍රීඩා සමාජයත්, කාන්තා ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත් සමත් විය. 

රන් පදක්කම් 7 ක් සහ රිදී පදක්කම් 4 ක් සමගින් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගත් යුද හමුදා ක්‍රීඩා සමාජය, ඒ වෙනුවෙන් සාජන් සෙල්ලදොරෙයි අභියෝග කුසලාන හිමිකර ගත්තේය. 

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කාන්තා ශූරතාව දිනාගනිමින් නීවා ඇඹුල්දෙණිය අභියෝග කුසලානට හිමිකම් කීවේ රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් තමන් සතුකර ගනිමිනි. 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බැන්ටම් (කිලෝ ග්‍රෑම් 51-54) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදා ක්‍රීඩා සමාජයේ ආර්.එම්. පියල් ධර්මසේනද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 50-52) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදා ක්‍රීඩා සමාජයේ එච්. සඳුනි ප්‍රියදර්ශනීද සම්මාන දිනාගත්හ. 

යුද හමුදා ක්‍රීඩා සමාජයේ එච්.එම්.එල්.පී. ජයවර්ධන මෙවර තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙසත්, ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ කේ.කේ.අයි.ටී. පෙරේරා දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙසත් තේරී පත්වූහ. 

මේ අතර ගෙවී ගිය වසරේ (2024) දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා ලෙස පොලිස් ක්‍රීඩා සමාජයේ උමයංග මිහිරාන්ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස විද්‍යාරථන ක්‍රීඩා සමාජයේ ආර්.ඒ.එන්. පුෂ්පකුමාරිද ජාතික බොක්සිං ශූරතාවලියේදී සම්මාන දිනාගත්හ. 

මෙවර ජාතික බොක්සිං ශූරතාවලිය සඳහා ක්‍රීඩා සමාජ 20 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 125 ක් පමණ සහභාගි වූ අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා තරගාවලියේ ත්‍යාග ප්‍රදනෝත්සව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. 


අදහස් (0)

යුද - ගුවන් හමුදා ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.