Last Update  :  2025-11-18 20:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket බංග්ලාදේශයේ සංචාරයක

බංග්ලාදේශයේ සංචාරයක

editorial - 2025 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

තෙදින තරග දෙකකින් සහ එක්දින තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම මෙම මස අග භාගයේදී බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය. 

තරගාවලියේ පළමු තෙදින තරගය නොවැම්බර් මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා මීර්පූර්හිදී පැවැත්වෙන අතර දෙවැනි තෙදින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 2 වැනිදා සිට 4 සිවුවැනිදා දක්වාය. 

එක්දින තරග 3 ම චැටෝග්‍රෑම්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එම තරග පිළිවෙළින් දෙසැම්බර් මස 7, 9 සහ 12 යන දිනවලදී පැවැත්වීමට නියමිතය. තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 17 න් පහළ සංචිතය ඉදිරි දිනයකදී නම් කරනු ඇත.

 
තරගාවලියේ කාල සටහන 

නොවැ. 27 සිට 29 දක්වා - පළමු තෙදින තරගය මීර්පූර්හිදී  
දෙසැ. 2 සිට 4 දක්වා - දෙවැනි තෙදින තරගය බෂුන්දර්හිදී 
දෙසැ. 7 - පළමු එක්දින තරගය චැටෝග්‍රෑම්හිදී 
දෙසැ. 9 - දෙවැනි එක්දින තරගය චැටෝග්‍රෑම්හිදී 
දෙසැ. 12 - තෙවැනි එක්දින තරගය චැටෝග්‍රෑම්හිදී 

 


අදහස් (0)

බංග්ලාදේශයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.