Last Update  :  2025-09-15 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket හොං කොං පිතිකරුවන්ගෙන් අභියෝගයක්
ආසියානු කුසලාන - 2025

හොං කොං පිතිකරුවන්ගෙන් අභියෝගයක්

editorial - 2025 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සීෂාන් අලී සහ අන්ෂුමාන් රාත් දෙදෙනා, හොං කොං පිල වෙනුවෙන් දැමූ සාර්ථක අඩිතාලම මත සිටගත් හොං කොං පිතිකරුවෝ ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැත්වෙන ආසියානු කුසලාන තරගයේදී නියමිත ඕවර 20 නිමාවන විට කඩුලු 4 ක් දැවී ලකුණු 149 ක් ලබාගත්හ. පන්දු 46 කින් ලකුණු 48 ක් ලබාගත් අන්ෂුමාන් රාත් සහ ලකුණු 52 ක් ලබාගත් නිසාකත් ඛාන් දෙදෙනා හොං කොං කණ්ඩායම මෙම ලකුණු සංඛ්‍යාව කරා කැඳවාගෙන ගිය නියමුවෝ වූහ. 

අනෙක් අන්තයේ පිතිකරුවා මුවා කරගනිමින් අන්ෂුමාන් රාත් කළ පිතිහරඹය නිසා 15 වැනි ඕවරය දක්වාත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ කඩුලු දෙකක් පමණි. 16 වැනි ඕවරයේදී අන්ෂුමාන් දැවී යන විට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 118 ක් විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කිසිදු චකිතයකින් තොරවම පිත්ත හසුරුවමින් සිටි ආරම්භක පිතිකරුවා දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ගැසූ පහරින් ඉහළ ගිය පන්දුව ඩීප් මිඩ් විකට් හි සිටි කමිඳු මෙන්ඩිස් විසින් හතරේ සීමාව ආසන්නයේදීම රැකගන්නා ලදි. 

වනිඳු හසරංග සිය දෙවැනි ඕවරයේදීම කඩුල්ලක් දවාගත් නමුත් අන්ෂුමාන් රාත් සහ නිසාකත් ඛාන් දෙදෙනා පරෙස්සමෙන් හසරංගට මුහුණ දුන්හ. 

බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ඕවර 4 කින් ලකුණු 42 ක් තිළිණ කළ මතීෂ පතිරණ කණ්ඩායමෙන් ඉවත් කරමින් මහීෂ් තීක්‍ෂණ කණ්ඩායමට කැඳවන ලදි. හොං කොං පිතිකරුවන්ගේ තර්ජනාත්මක පිතිහරඹය මැද, තීක්‍ෂ ණසිය ඕවර 4 ලකුණු 22 කට සීමාකර ගත්තේය. 

 

- 213 


අදහස් (0)

හොං කොං පිතිකරුවන්ගෙන් අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.