Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket දඹුල්ලේ ප්‍රවේශපත් විකිණී අවසන්
දෙවැනි විස්සයි-20 තරගය

දඹුල්ලේ ප්‍රවේශපත් විකිණී අවසන්

editorial - 2025 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 තරගයේ සියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 

පළමු විස්සයි-20 තරගය පැවැති බ්‍රහස්පතින්දා (10 වැනිදා) සවස් වන විටත් දඹුල්ල තරගය සඳහා අන්තර්ජාලය ඔස්සේ අළෙවි කෙරෙන ප්‍රවේශපත් විකිණී අවසන්ව තිබිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරුවේදී නිවේදනය කළේ සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් බැවින් පස්වරු 3.30 ට රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් කවුළුව වසා දැමූ බවයි. එය නැවත විවෘත නොකරන බවත් දඹුල්ලේ තරගය සඳහා ප්‍රවේශපත් බලාපොරොත්තුවෙන් තවදුරටත් පෝලිම් වල රැඳී නොසිටින ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටී. 

තරගය ඉරිදා පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය. ක්‍රීඩාංගණයේ දොරටු පස්වරු 5.00 ට විවෘත කෙරේ.


අදහස් (0)

දඹුල්ලේ ප්‍රවේශපත් විකිණී අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.