Last Update  :  2025-05-19 21:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන් ගුවනේ ගත කරන සමයක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන් ගුවනේ ගත කරන සමයක්

editorial - 2025 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ චොන්ග්කින්ග් නගරයේදී ලබන බදාදා (14) ආරම්භ වන තෙවැනි සමාන්තර (බෙල්ට්) මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන නදුන් බන්ඩාර ( මීටර 110 - කඩුලු) හා සම්පත් මිරැන්ඩා දුර පැනීම- පිරිමි) හෙට (11) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.මෙම තරගාවලිය ලබන සෙනසුරාදා (17) දක්වා පැවැත්වේ.

ලෝක මලල ක්‍රීඩා ආයතනයේ අනුමත ‘සී‘ කාන්ඩයේ තරගාවලියක් වන ඒ සදහා සහභාගි වන රටවලට සත්කාරක චීනය පූර්ණ අනුග්‍රහය දක්වයි.ඒ අනුව ශ්‍රී ලංකාවෙන් සහභාගි වන එම ක්‍රීඩකයන් දෙදෙනාටද තරග සංචාරය සදහා වන සියළු වියදම් සත්කාරක චීනය විසින් දරයි.

මේ අතර ඉන්දීය මලල ක්‍රීඩා කුසලාන හෙල්ල විසි කිරීමේ ඉසව් තරගාවලියට සහභාගි වීම සදහා ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සිය පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතා සමග මැයි 19 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මෙම තරගාවලිය මැයි 22 වැනිදා චන්දිගාර් නුවරදී පැවැත්වීමට කළින් යොදා ගෙන තිබුණත් එය එදින බැංගලෝර් නුවරදී පැවැත්වීමට ඉන්දීය තරග සංවිධායකයන් විසින් දැන් තීරණය කර තිබේ.

ඉන්දියාව හා අසළ්වැසි පාකිස්ථානය අතර දැන් පැන නැගී තිබෙන යුදමය වාතාවරණය සැළකිල්ලට ගනිමින් එම ස්ථානීය වෙනස්කම සිදු කර තිබේ.මැයි 27 වැනිදා කොරියාවේදී ආරම්භ වන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියටද නිර්දේශ ලබා සිටින රුමේෂ් තරංගගේ වැඩි දුරටත් උත්සහය ටෝකියෝ නුවරදී ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට නිර්දේශ තහවුරු කර ගැනීමය.

කෙසේවූවත් ඒ සදහා  මෑතදී  ඔහු ජපානයේ පැවැති තරගාවලියකට සහභාගි වෙමින් ගත් උත්සහය යන්තමින් ගිළිහී ගියේ ඒ සදහා සෙන්ටිමීටර නවයක අඩුවක් වීමෙනි.එහිදී ඔහු මීටර 85.50 ක දක්ෂතාවයක් දැක්වූ අතර හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ ටෝකියෝ ලෝක ශූරතා අවම සුදුසුකම මීටර 85.59 කි.

ශ්‍රී ලංකාව එළඹෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සදහාද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගේ කණ්ඩායමක් නිර්දේෂ කර තිබේ.ඒ අතර ඊයේ (9) පැවත්වීමට නියමිතව තිබූ ඩුබායි ග්‍රෝන් - ෆ්‍රී මලල ක්‍රීඩා (2025) තරගාවලියට මීටර 4X400 (පිරිමි) සහය දිවීමේ කණ්ඩායමක් සහභාගි කිරීමට කටයුතු කර තිබුණි.

අද සහ හෙට (10 - 11) චීනයේ ගුඇන්ෂූ නුවරදී පැවැත්වෙන ලෝක සහය දිවිමේ තරගාවලියට ද ශ්‍රී ලංකාව මීටර 4x400 (මිශ්‍ර) සහය දිවීමේ කණ්ඩායමක්  පිටත් කර හැරියේය.


අදහස් (0)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන් ගුවනේ ගත කරන සමයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.