Last Update  :  2025-04-30 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School හරිත නීල සටන 25 සහ 26 ගාල්ලේදී

හරිත නීල සටන 25 සහ 26 ගාල්ලේදී

editorial - 2025 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ  ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් දෙකක් වන බෙන්තොට ගාමිණී ජාතික පාසල සහ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය අතර වන 5 වැනි  “හරිත - නීල සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 25 සහ 26 දිනයන්හිදී  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගය 2017 දී එක්දින සීමිත ඕවර තරගයක් ලෙසින් ආරම්භ විය. බෙන්තොට ගාමිණී ජාතික පාසල මේ දක්වා පැවැති එක්දින තරග 3ම ජය ගනිමින් තරග ඉතිහාසයේ පෙරමුණ ගෙන සිටියි. ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයට මේ දක්වා ජයග්‍රහණයක් වාර්තා කිරීමට නොහැකිවී ඇති අතර, මීට පෙර පැවැති පළමු දෙදින තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. 

පාසල් දෙකම වයස අවුරුදු 19 න් පහළ තෙවැනි කොටස  ‘ඒ’ තලයේ තරගාවලියට එක්ව සිටී. 

විමුක්ති විදර්ශන බෙන්තොට ගාමිණී ජාතික පාසලට නායකත්වය දෙන අතර ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාල පිල  සචින් සත්සිඳු විසින් මෙහෙයවනු ලබයි.

 

බෙන්තොට ගාමිණී ජාතික පාසල් සංචිතය: 
ඉදිරි පෙළ අසුන්ගෙන වමේ සිට දකුණට 
විමුක්ති විදර්ශන (නායක), කේ.පී. දීපා සමන්මල් මහත්මිය (ක්‍රීඩා භාර ආචාර්ය), දේවිකා කුමාරශිලී මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනිය), ජනක වීරසිංහ මහතා (විදුහල්පති),  එන්.උදාන උහන්ඔවිට මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), මංගල වික්‍රමාරච්චි මහතා (ප්‍රධාන පුහුණුකරු), දිනෙත් නිම්සර (උප නායක)
පසු පෙළ සිටගෙන වමේ සිට දකුණට
රිද්ම නිම්සර, රෙසඳුල් චාමිත, රනිතු කෙත්මික, යසිරු යසංක, මනිල්ක ශිහාන්, වෙෂාන් උමයංග, කවිඳු තිසර, රිසඳු ගිම්හාන, පළිඟු නිලම්බර, සංෂන ඉමේෂ්, ජෙනිරු රන්යුග, ආයුෂ් නෙත්ම, හිරුෂ රන්ජය, නෙතුල මෙත්විදු

 

ඇල්පිටිය ආනන්ද මධ්‍ය විද්‍යාල සංචිතය: 
ඉදිරි පෙළ අසුන්ගෙන වමේ සිට දකුණට 
අපූර්ව නිමෙත් (උප නායක), ජී. පී. නිශාන්ත මහතා (ප්‍රධාන පුහුණුකරු), ඩබ්ලිව්.එම්. පී.ටී.බී. විජේකෝන් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ආර්.කේ. ආර්.පී. කුමාර මහතා(විදුහල්පති), ඒ.එච්.පී.කේ. ගුණවර්ධන මහතා (නියෝජ්‍ය විදුහල්පති), ජී. ඩී. එන්. අසංක මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), සචින් සත්සිඳු (නායක) 
මැද පෙළ සිටගෙන වමේ සිට දකුණට 
නේනුක රණවීර, සෙනාර නවෝද්‍ය, ලක්වින් වේනිත, ඕෂධ දීමන්ත, කේ.ජී.එස්.ඩී. ප්‍රියංකර, හංස කුමාර, ධනුෂ්ක කුමාර, ඩබ්ලිව්. ඒ. අයි. ජයෂාන්
පසු පෙළ සිටගෙන වමේ සිට දකුණට 
නිසල් දිනූප, සෙමොත් දේමින්ද, ඉඳුවර ප්‍රසංග, පී. එම්. කේ. පෙරේරා, කවිඳු මධුශංක, ගමිරු හසරැල්, දිනෙත් දක්ෂිත, සිතුම් සත්සර


අදහස් (0)

හරිත නීල සටන 25 සහ 26 ගාල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.