Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සුමංගල විදුහලට විදූෂ ජය ගෙනෙයි

සුමංගල විදුහලට විදූෂ ජය ගෙනෙයි

editorial - 2021 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පානදුර ශ්‍රී සුමංගල විදුහල අද (26 වැනිදා) සමත් විය.

තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයකදී කළුතර සිරිකුරුස විදුහලට එරෙහිව කඩුලු 3 ක ජයක් අත්කර ගනිමින් ඔවුහු අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුහ.

සිය ඕවර 10 ලකුණු 17 කට සීමාකරමින් නිලකුණු ඕවර 2 ක් ද සමගින් කඩුලු 5 ක් දවාගැනීමට විදූෂ පිරීස් සමත්විය. චාරුක පිරීස් නොදැවී ලකුණු 44 ක් සහ හේෂාන් උමින්ද නොදැවී ලකුණු 10 ක් ලබාගනිමින් ශ්‍රී සුමංගල විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

 

සිරිකුරුස විදුහල - ඕවර 50 කදී සියලුදෙනා දැවී 122
(පතීෂ ශාමල් 56, භාෂිත පෙරේරා 27, විදූෂ පිරීස් 17/5, චාරුක ජයතිලක 15/2)

ශ්‍රී සුමංගල විදුහල - ඕවර 39.4 කදී කඩුලු 7 ක් දැවී 126
(චාරුක පිරීස් නොදැවී 44, තරණ ද සිල්වා 23, හේෂාන් උමින්ද නොදැවී 10, අරෝෂ් භාග්‍ය 20/2, නිර්මල ශාමල් 44/2)


-2079

 


අදහස් (0)

සුමංගල විදුහලට විදූෂ ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.