Last Update  :  2026-03-23 12:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සාන්ත සර්වේශස් විදුහලට ඓතිහාසික ජයක්
126 වැනි රුහුණු මහ නිල් හටන

සාන්ත සර්වේශස් විදුහලට ඓතිහාසික ජයක්

editorial - 2026 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සටහන සහ ජායාරූප පී ඩී ද සිල්වා)

විරාන් චමුදිත පිත්තේන් සහ ළසිදු රාමනායක පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා වසර 55 කට පසුව මාතර සාන්ත තෝමස් විදුහල පරාජය කරමින් 126 වැනි රුහුණු මහ නිල් හටන ජයගැනීමට සාන්ත සර්වේශස් විදුහල සමත් විය. ශාන්ත සර්වේශස් විදුහල ජයගත්තේ කඩුලු 5 කිනි.

සාන්ත සර්වේශස් විදුහල අවසන් වරට මහා ක්‍රිකට් තරගය ජය ගත්තේ 1971 වසරේ නිමල් මුණවීරගේ නායකත්වය යටතේය.

පසුගිය සිකුරාදා ආරම්භ වුන 125 වන නිල් මහ හටනේදී සාන්ත තෝමස් පිළ පළමුව පන්දුවට පහර දුන් නමුත් සාන්ත තෝමස් ඉණිම ලකුණු 158 කට සිමා විය. තරගයේ පළමු දිනයේම කඩුලු 18ක්  බිඳ වැටුනු අතර , ශ්‍රී ලංකා 19 පහළ පිළ කණ්ඩායම නියෝජනය කල චමරිදු නෙත්සර සහ විරාන් චමුදිත අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින් සාන්ත සර්වේශස් පිළ අසීරු තත්වයකට පත් කිරීමට සාන්ත තෝමසුවෝ සමත්වූහ.

දෙවන දින  උදයේ සාන්ත සර්වේශස් පිළ  ලකුණු 118 කට දැවී ගියේය.

දෙවන ඉණිම සදහා පන්දුවට පහර දීමට  පිටියට පැමිණි සාන්ත තෝමස් පිළ, ළසිදු රාමනායක ගේ සහ විරාන් චමුදිතගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලකුණු 137 කට සීමාවුනි. ළසිදු රාමනායක ලකුණු 47 කට කඩුළු 7 ක් දවා ගත් අතර,  විරාන් චමුදිත ලකුණු   59 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

තරගය ජය ගැනීමට දෙවන දිනයේ අවසාන කාල හෝරාව සහ තුන් වැනි දිනය තුල ලකුණු 178 ඉලක්කයක් සාන්ත ශර්වේශස් පිලට  හිමි විය. දෙවන දිනය අවසාන වන විට ශාන්ත තෝමස් පිලේ කඩුලු 4 ක් බි‍ඳ වැටී තිබිණ. තෙවන දිනයේ විරාන් චමුදිත ලකුණු 81 කට  දැවී ගිය අතර, නෙත්මාල් බන්ඩාර , චමරිදු නෙත්සර නොදැවී ලකුනු 42 සහ 34 ක් ලබා ගනිමින් සාන්ත සර්වේශනුවනට ඓතිහාසික ජයක් අත් කර දුනි.

 

සාන්ත තෝමස් විදුහල - පළමු ඉනිම 158 යි
(තත්සර දෙව්මිත් 56, කුමේෂ් නුවන්ජන 32, මුහමදු සිදික් 37/4, සමිරු ගිම්සාන් 26/3)

සාන්ත සර්වේශස් විදුහල - පළමු ඉනිම 118 යි
(හේශාන් මදුසංක 31, චමෝද් මිහිරංග 41,  පුනාල් පමුදිත 16/3, ව්න්දිල චමුත් 26/3)

සාන්ත තෝමස් විදුහල - දෙවැනි ඉනිම 137 යි
(අබ්දුල් මජීඩ් 40, කුමේෂ් නුවන්ජන37,  විරාන් චමුදිත 59/3, ලසිදු රාමනායක 47/7)

සාන්ත සර්වේශස් විදුහල - දෙවැනි ඉනිම කඩුලු 5 ට 180 යි
(විරාන් චමුදිත 81, නෙත්මාල් බන්ඩාර 42 නොදැවී, චමරිදු නෙත්සර 34 නොදැවී  තත්සර දෙව්මිත් 25/2)

 


අදහස් (0)

සාන්ත සර්වේශස් විදුහලට ඓතිහාසික ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.