Last Update  :  2025-05-30 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සහෝදරයන්ගේ සටන අද-හෙට අම්බලන්ගොඩදී

සහෝදරයන්ගේ සටන අද-හෙට අම්බලන්ගොඩදී

editorial - 2025 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ මාදම්පා විද්‍යාලය සහ අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලය අතර පළමු වරට සංවිධානය කෙරෙන  සහෝදරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගය අද (17) සහ හෙට (18) අම්බලන්ගොඩ නගර සභා ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.

මේ පාසල් දෙකම මීට පෙර වාර්ෂික ක්‍රිකට් තරග කිහිපයකට සහභාගි වූවත් එම තරග ලත්තැනම ලොප්වූ ඒවා විය.මාදම්පා විද්‍යාලය මීට පෙර මේ ආකාරයටම රත්ගම දේවපතිරාජ, වතුගෙදර ශ්‍රීපතී යන විදුහල් සමගින් තරග කළ අතර රාජපක්ෂ විදුහලද පාසල් දෙකක් සමග මහා ක්‍රිකට් තරග ආරම්භ කළේය. ඒ  යාබද පාසල වන කොස්ගොඩ හෑගල්ල විද්‍යාලය  සහා අලුත්ගම ඥාණිස්සර විද්‍යාලය යන දෙවිදුහල් සමගිනි.

සහෝදරයන්ගේ සටන මංගල තරගයේ සත්කාරකත්වය දරනුයේ අම්බලන්ගොඩ මාදම්පා විද්‍යාලය විසිනි.

සහෝදරයන්ගේ සටනේ මංගල තරගයට මුහුණදෙන මාදම්පා අහුන්ගල්ල රාජපක්ෂ  යන දෙවිදුහලම අන්තර් පාසල් කිකට් තරගාවලිවලදී තෙවැනි කොටසෙන් තරග වදියි.

මදම්පා විද්‍යාලයට සැලකිය යුතු ක්‍රිකට් ඉතිහාසයක් ඇතත් රාජපක්ෂ විද්‍යාලයට ක්‍රිකට් ක්‍රීඩාවෙන්  තවමත් ඇත්තේ කුඩා ඉතිහාසයකි. මාදම්පා විද්‍යාලය මේ වනවිට ජාතික තලයට ක්‍රිකට්  ක්‍රීඩකයෝ දෙදෙනෙක් බිහිකර ඇත. හරීන් බුද්දිල සහ මල්ෂ තරුපති ඔවුහුය.

මේ වසරේදී අම්බලන්ගොඩ මාදම්පා විද්‍යාලයීය කණ්ඩායමේ  නායකයා ලෙස   සහස් අනුපම ද සිල්වා කටයුතු කරයි. රාජපක්ෂ විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස විහග ඉදුවර කටයුතු කරයි.

 

මාදම්පා විද්‍යාලයීය කණ්ඩායම

සහස් අනුපම (නායක), සුමේධ සම්පත්, නිතිෂ් තේජාන්, විනෝද් ලක්ෂාන්, ඉමාෂ් ද සිලවා, තිලීෂ නෙතුම්, කවික මධුසංක, ඉසුරු ද සිල්වා, සන්දීප් ද සිල්වා, යෝෂිත උදයංග, තුලන ගුණවර්ධන, දනිජ ද සිල්වා, ජවින් නිම්සිත, යුක්ති යසස්, සදරු රශ්මික, තමිදු ද සිල්වා සහ ගවේෂ විදුරංග

 

රාජපක්ෂ විද්‍යාලයීය කණ්ඩායම

විහඟ ඉදුවර (නායක), පැහැසර දිනිදු, සත්සර පමෝත්, රුමේෂ් ලක්ෂාන්, නිම්සර සවිදු, සානුක ලක්ෂාන්, මලිදු ලක්ෂාන්, කවීෂ හිම්සාල්, කවිෂ නෙත්මාල්, රෂේන් සාමින්, සිතිජ දුල්ෂාන්, චමිත් මලිෂ, වින්ද‍්‍ය සංකල්ප, රමේෂ් ලක්ෂාන් සහ දිනෙත් නිලක්ෂ


අදහස් (0)

සහෝදරයන්ගේ සටන අද-හෙට අම්බලන්ගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.