Last Update  :  2025-05-30 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශුරයන්ගේ සංග්‍රාමය අද - හෙට ගාල්ලේදී

ශුරයන්ගේ සංග්‍රාමය අද - හෙට ගාල්ලේදී

editorial - 2025 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ ගෝනපිනුවල දයා සිරිල් ධම්මික)

කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය සහ  හික්කඩුව  ශ්‍රි  සුමංගල විද්‍යාලය අතර වාර්ෂිකව සංවිධානය කෙරෙන ‘ශුරයන්ගේ  සංග්‍රාමය‘ මහා ක්‍රිකට් තරගය අද සහ හෙට (2 සහ 3) දෙදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළමු වරට පැවැත්වෙන ශූරයන්ගේ සංග්‍රාම ක්‍රිකට් තරගයේ සත්කාරකත්වය දරනුයේ හික්කඩුව  ශ්‍රී සුමංගල විද්‍යාලයයි. 

 ශුරයන්ගේ සංග්‍රාම ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ  පැවැත්වීම මේ දෙවිදුහලටම නවමු අත්දැකීමකි. ඒ දෙවිදුහලම මින් පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දෙදින තරගයකට සහභාගී වී නැත. එහෙයින් මේ තරගය විදුහල් දෙකටම විශේෂ තරගයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

කරන්දෙණිය මධ්‍ය  විදුහල් කණ්ඩායම දිනුක දනංජය මෙහෙයවනු ලබන අතර ශී සුමංගල විදුහල් කණ්ඩායම චමත්ක කවිෂාන් විසින් මෙහෙයවනු ලබයි.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ හික්කඩුව ශ්‍රී  සුමංගල විදයාලය මෙතෙක් කළක් ක්‍රීඩා කලේ තෙවැනි කොටසෙන් වුවත් මෙවර තෙවැනි කොටසින් ශුරයන්වීම නිසා දෙවන  කොටසට උසස්වීම් ලබා තිබේ. ඉදිරි තරගාවලියේදී එම විදයාලය දෙවන කාණ්ඩය යටතේ තරග කරයි. 

කරන්දෙණිය මධය විද්‍යාලය අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී දෙවැනි කොටසින් තරග වදියි.

කරන්දෙණිය මධ්‍ය විදුහල් කණ්ඩායම:-
දිනුක දනංජය(නායක), සුපුන් සුධිර, අශේන් රසිඳු, කුලිඳු සේමික, චලන අවිශ්ක, ලසිඳු චමෝද්, විහඟ කාවය, මතීෂ ප්‍රදීප්ත, ලෝචන රවිදු, රවිදු  තේජාන්, චමිදු ලක්මාල්, සසේන් විමෝද, සදුෂ සනිල්ක, කවීෂ සන්දීප, ඉදුවර ගිම්හාන,බෙනුක රෙහාන්, රවීන් තීක්ෂණ, ප්‍රභාස්වර බණ්ඩාර, සඳරු තරුනෙත් සහ ඕෂාන් චතුංක

 

 

ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායම:-
චමත්ක කවිෂාන්, රන්සාර දේශාන්, රනිඳු තීක්ෂණ, තරුන් දම්සිත්, ලකිත් නේමින්ද, ශානුක දෙනුවන්, ප්‍රමෝද් ගිම්සර, කෞශල්‍ය සාරංග, සංජන තෙනුපුල, සුරන් හිරූෂ, දෙනෙත් ආලෝක, සෙනිත දිනුදික, චමුදු දනංජය, දිනෙත් ඕෂාන්, සසන් නිම්නදිත්, රවිඳු දිල්සර සහ ජයමිත් මදුභාෂණ


අදහස් (0)

ශුරයන්ගේ සංග්‍රාමය අද - හෙට ගාල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.