Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත ⁣ජෝෂප් අවසන් මහ තරගයට

ශාන්ත ⁣ජෝෂප් අවසන් මහ තරගයට

editorial - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ෂෙරාන් ෆොන්සේකා (නොදැවී 93) සහ සදීෂ් ජයවර්ධන (නොදැවී 62) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 214 කදී ගොඩනැගූ ලකුණු 161 ක නොබිඳුණ සම්බන්ධතාව හේතුවෙන් අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ 'ඒ' කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල අද (28 වැනිදා) සමත් විය.

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගනිමින් ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ. එහිදී පන්දු 116 කට මුහුණදුන් ෂෙරාන්, හතරේ පහර 10 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 98 කදී වාර්තා වූ සදීෂ්ගේ අර්ධ ශතකය හතරේ පහර 5 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ත්‍රිත්ව විදුහලට ශාන්ත ජෝෂප් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමු⁣වේ ඕවර 49.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 160 ක් පමණි. එහිදී මිතිර තේනුවර සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු  3 බැගින් දවාගනිමින් ත්‍රිත්ව ඉනිම අඩ පණ කළහ.


ත්‍රිත්ව විදුහල - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 160
(පවන් පතිරාජ 61, අක්‍රම් මුතාලිබ් 49, මිතිර තේනුවර 26/3, දුනිත් වෙල්ලාලගේ 32/3, ⁣ෂේනුක ද සිල්වා 30/2)

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 35.4 කදී කිසිවකු නොදැවී 161
(ෂෙරාන් ෆොන්සේකා නොදැවී 93, සදීෂ් ජයවර්ධන නොදැවී 62)  


අදහස් (0)

ශාන්ත ⁣ජෝෂප් අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.